(ඩයනා උදයංගනී)
රනිල් වික්‍රමසිංහ මහතාව මෙහෙයවන රාජපක්ෂ ආණ්ඩුව පලවා හැරීම සඳහා පුළුල් බලවේගයක් ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එහි පළමු පියවර ලෙස පාර්ලිමේන්තුවේ හදිසි නීතිය සම්මත කරගැනීමට යන අවස්ථාවේදී එයට විරුද්ධව කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
වත්මන ජනාධිපතිවරයා පත්වී දවසක් යාමටත් පෙර ක්‍රියා කළ ආකාරය අනුමත කළ නොහැකි බවත්, ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටි පිරිස් සාකච්ඡාවෙන්, සම්මුතියෙන් ඉවත්කිරීම වෙනුවට බලය භාවිතා කළේ අරගල භූමියේ සිටින අය සමඟ බද්ධ වෛරයෙන් ඉන්න පොහොට්ටු මන්ත්‍රීවරුන්ට කාලකන්නි සතුටක් ලබා දීමේ වුවමනාවත් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එමෙන්ම අනාගතයේ තමන්ට විරුද්ධව අරගල ඇතිවුවහොත් දෙන විසඳුම මෙය බව අරගලකරුවන්ට පෙන්වීම ද ජනාධිපතිවරයාගේ අරමුණක් වූ බව හෙතෙම පැවසීය.
සමිති, බහුජන සංවිධාන, සමාජ ක්රියාකාරිකයන් සියලු දෙනාම එකට එකමුතු කරගෙන පුළුල් පෙරමුණක් ලෙස එම මර්දනයට මුහුණදිය යුතු බව ද මන්ත්‍රීවරයා කීය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව සමඟ 43 සේනාංකය පැවැත්වූ සාකච්ජාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 45ක් පාර්ලිමේන්තු ඉඳලා කරපු දෙයක් තියෙයිද? හොඳ දැක්මක් ඇති නායකයෙක් බිහිවෙනකන් ජනතාව පිඩනයේ..!
ඇයි අගමැතිකම නොලැබුණු නිසාද?
ආන්ඩුවයි ජනාධිපති යි පන්නන්න හදන්නේ ලගම හිටපු ගෝලයා ජනාධිපති ගේ ඉහලම තනතුරකට පත් කලාට පස්සේ ද? මේ ඉන්නේ ලංකාවේ දේශපාලන යේ ඉන්න හොදම අවස්තාවාදියෙක්.කෙටි පාරවල් වලින් තනතුරු හබා යන්න මෙයාට වඩා කෙනෙක් ඉන්න වා නම් අටපට්ටමට කියන්න හොදේ.
අගමැතිකමට ආරාධනා කළානම්, බලවේග ඕනෑ නෑ නේද? ඔයාගේ කට විතරයි, වැඩබැරි ටාසන්...
මේ තව කෙනෙක්. රටේ ප්‍රශ්න වෙනක තියලා ආණ්ඩුව පන්නන් හදනවා. එයාට තියෙන්නේ කවදවත් ඉටු නොවන අගමැති. සිහිනයද කොහෙද .
දැන් තියෙන්නේ ආණ්ඩු පන්නන දේවල් නෙවෙයි, මේ රටේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. එකතුවෙලා ඒවාට විසඳුම් දෙන්න. ඔබලාට තියෙන ජනාධිපති, අගමැති සිහින වලට බලවේග හදන්න ඊට පස්සේ..!
හරියට හරි, ජය වේවා!! ඒ සඳහා අපේ කොන්දේසි විරහිත සහය !!
තවත් විනාස කරපන් රටට. බලලෝභී උන්.
ආදර ත්‍රස්තවාදියෝ...
හරි හරී හදන්නකෝ හදලා පෙවන්නකෝ.
එදා ඔයත් දුන්නා නේද? දැන් මේ මොකද?
ආණ්ඩුව පන්නන්න නෙමෙයි බුරුවො මේ රට වැටිලා තියෙන තැනින් ගොඩගන්න සංවිදානය වෙන්න.ඊට පස්සේ චන්දෙයක් තියල කැමති කෙනෙක් බලේට එන්න.
අලියා වට්ටලා ටෙලිපෝන් හදාගත්තා රනිලයා වයසයි කියලා.. වැට්ච්ච අලියා නැගිට්ටා හෙණ්ඬුව අතේ තියාගෙනම.... දැන් හෙණ්ඬුව කෙලවරේ තියෙන්නේ " දැලි පිහිය " ! කිරි දැලි පිහියෙන් කාලම රනිල් පෙන්නනකොට ඔය මන්කි-ෆොක්ස්ලා හැරුණු අතේ දුවයි වල්ගෙත් නැතිවම..!
ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ වශයෙන් පත් වුණු ඔහේගේ ගෝලයාගෙන් අහලා බැලුවොත් නරකද ඊට කලින්...? ලංකා දේශපාලනයේ අංක එකේ අවස්ථාවාදීන්...
ඕනෑවට වඩා දොඩවන්න එපා. පාරාවලලු ගැන අහලා ඇති නේද?
තමන් විරුද්ධ පක්ෂයේ නම් හැම ආණ්ඩුවක්ම පෙරළන්න කතාකරන මේ වගේ බලලෝභීන් එක්ක රටකට කවර සරණක්ද? කොයිකත් එකයි...!
ධනුෂ්ක රාමනායකට මොකද වෙලා තියෙන්නේ..?