(ඩයනා උදයංගනී)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සැඟවී නොමැති බවත්, ඔහු යළිත් මෙරටට පැමිණෙන බවත් කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
රාජපක්‍ෂ මහතා විදෙස්ගත වී සිටින්නේ නිල වශයෙන් වීසා ලබගෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
එතුමා නැවත පැමිණෙන දිනයක් සම්බන්ධයෙන් තමන් නොදන්නා බව ද හෙතෙම කීවේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජයි මේ වගේ වහල්ලු ඉන්නකන්... රටට අබ සරණයි...
ඇවිල්ල කැබිනට් ඇමැති කෙනෙක් කරමු (raajya ආරක්ෂක හෝ මුදල් වගේ) .
ඔබ බේරාගත් මව් බිමට සාදරයෙන් පිලිගනීමු.
ඔව් ඉතින් එදා පැනල ගියාට, දැන්න්ගෙ හැංගෙන්න ඔනෙ නැහැ. අනික හැන්ගෙන්නත් බැහැ, මොකද කිසිම රටකින් බාරගත්තෙත් නැහැනෙ. අනික දැන් පැනල යන්න ඔනෙ නැහැ..යලුවො ඉන්නෙ දැන්. බය වෙන්න එපා සර් දැන් , .
ඇත්ත ද? අපිත් බලාගෙන ඉන්නේ දොහොත් මුදුන් දීලා පිළිගන්ඩ.රටට කරපු සේවෙට.
කිසිම රටක් පිළිගන්නේ නැති නිසා වෙන කොහේ කියලා යන්නද? ලංකාවට පනියි..
ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරින් එදාටත් පැනලා හැංගෙන්න යාවිද? අර අර්ජුන මහේන්ද්‍රන් රටෙන් පැනලා යන දවසේ එම නිලධාරීන්ට නින්ද ගියාද දන්නේ නැහැ...
එදා වෙඩි තියන්න අණ නොදීපු එකට ඔහුව ගෞරවයෙන් පිළිගන්න ඕනේ අරගලකරුවන් විසිනි...
ඔය එන්නේ සාර්ථක වෙන්න වෙන්න ඇති නේද?
මිස්ටර් 2500ට සතුටු ඇති ඉතින්...
කළගුණ නොදත්, මුල අමතක කරන, බඩගෝස්තරවාදී, ස්වදේශීයව ජිවත්වීමට වෙනස්කම් කරනවාට අකැමැති මිනිසුන්ගෙන් පිරි මේ රටට ආයෙත් එන්න කලින් තව වරක් සිතා බලන්න...
ආවාම තමුන්ගේ ගෙදර නවතින්න දෙන්න... දෙන්නා දෙපැත්තට... ගෝඨා මැද්දෙන්...
සමහර ආරක්ෂක ලේකම්වරු වගේ කොටි සාමාජිකයින් බලන්න ඇපල් මුද්දරප්පලම් ගෙනිච්චා නම් ඔය බොහෝ රටවලින් එතුමාට වීසා ලැබෙනවා. උපන් රටට අවංකව සේවයක් කරන්න උත්සාහ කළ අයකු වශයෙනුයි එතුමා පිළිබඳ මතු යම් දවසක ඉතිහාසෙ ලියැවෙන්නේ. සිරිමාවෝ මැතිණියටත් එදා හිටපු ළඟ චූන්කාරයින් මඩ ගැහුවා. ඒ උත්සාහයට අකුල් හෙළුවා. දැන් ඒ ගැන විස්සෝප වෙනවා. ධර්මපාලතුමාටත් එහෙමයි. ඉන්දියාවට පන්නලනේ අපේ මිනිස්සු පස්ස බැලුවේ...
පවු අසරණයා කොහේ කියලා යන්නද? ඔන්න ඔහේ ආපුවාවේ...!
මට නම් එතුමාත් එක්ක කිසිම පුද්ගලික තරහක් නැහැ. මිනිස්සු අකැමැති වුණේ ගෝඨාභය ජනාධිපති විදිහට කරපු දේවල් වලට.. ඉතින් දැන් ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙක්... ඔබත්, මමත් වගේ. ඔහුට වරප්‍රසාද නැහැ. ජනාධිපති නෙමෙයි මේ. ඔහු ඉල්ලා අස්වුණා. දැන් ඔහුට ඔහුගේ පාඩුවේ ලංකාවේ නීතියට යටත්ව ඕනෑම තැනක ඉන්න නිදහස තියෙන්න ඕනේ...
ඔබතුමා නොහිටින්න රටෙන් අඩක්ම කොවිඩ්වලින් මැරිලා... ඔබට මඩගන්නේ සිංහල බෞද්ධයින් නෙවෙයි..!
අද ඔහොම කියන්නෙ නැහැ ඇමරිකාව ට යන්න ලැබුනනම් දැන් ඉතින් හොරෙන් අරන් ගිය සල්ලි මල්ලත් අරන් පාන්දර ජමෙට එන්න. අය්යලා මල්ලිලට ඔය විඩියට හොරෙන් පැනලා නවත එන එක හොන්දට පුරුදුනෙ. රනිල්ට කිව්වද උපරිම අරාක්ශව දෙන්න කියලා. රටේ යුද්ද කලේවත් මෙවගෙ දුක් වින්දෙ නැහැ මිනිස්සු. මෙ විදියට අනිත් එක කොට් අදින හැම කෙනාම මහත්තුරු නෙමෙ. කපටි මොඩ තිරිසන් ගති අති උනුත් අදින්නෙ කෝට්.
ගෙදර වගෙ කොහෙද සර්, ගෙදර එන්න