IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ගම්පහ යළි කොරෝනා අවදානමක්

(තිලකරත්න දිසානායක)

කිරිබත්ගොඩ රෝහල් කාර්ය මණ්ඩලයෙහි හත් දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු ඇති බවත් එම රෝගීන් රාගම රෝහලෙහි ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය අංශ පවසයි.

ගම්පහ රෝහලේ දී කොරෝනා ආසාදිතයන් පස් දෙනකු මේ වන විට ප්‍රතිකාර ලබන අතර මාස කීපයක් වසා දමා තිබූ කොරෝනා වාට්ටුවල ප්‍රතිකාර කටයුතු යළි ආරම්භ කර ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග කියයි.

පසුගිය දිනවල  ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා මරණ දෙකක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ කියයි.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන්  කොරෝනා  පැතිරීමේ අවදානමක් පවතින බැවින් හදුන්වාදී ඇති සෞඛ්‍ය හුරු පුරුදු අනුගමනය කළ යුතු බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පෙන්වා දෙනු ලබයි.

මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතාගෙන් කළ විමසිමේදී සදහන් කර සිටියේ, ඉන්ප්ලුවැන්සා වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවීම ඉතා වැදගත් බවත් ජනතාව වැඩි වශයෙන් සිටින ස්ථානයන්හි ගැවසෙන අවස්ථාවල මුව ආවරණ පැළඳීම සුදුසු වන බවත්ය.

 

 

 



අදහස් (0)

ගම්පහ යළි කොරෝනා අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 432 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 607 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 247 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site