(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොම්පකරුට අල්ලස් නියමිත ප්‍රමාණයට වඩා වැඩියෙන් ඉන්ධන ලබා ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයන්ට අමතක නොවන දඬුවමක් දුන් පුවතක් බණ්ඩාරගම ඉන්ධන හලක් අසලින් වාර්තා වේ.
වාහනයේ ලියාපදිංචි අවසාන අංකය අනුව ඉන්ධන ලබා දීමක් සිදු කෙරුණු අතර යතුරුපැදිකරුවකුට රුපියල් 1500 ක ත්‍රීරෝද රථයකට රුපියල් 3000 ක මෙන්ම මෝටර් රථයකට හෝ වෙනයම් රථයකට වුවත් රුපියල් 7000ක ඉන්ධන ලබා දීම සිදුකෙරිණි.
බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරි කැපවීම මත විශේෂයෙන් පාරිභෝගිකයන් අතර කිසිදු ආරවුලක් හෝ බහින්බස් වීමකට ඉඩ නොතබා නියමිත පරිදි පෝලිමේ පැමිණෙන සෑම පාරිභෝගිකයකුටම නියමිත පරිදි ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කරන ලෙස ඉන්ධනහලේ හිමිකරු පොම්ප කරුවන්ට උපදෙස් ලබා දී තිබිණි.
ඊට එරෙහි වන්නන් වෙතොත් පොලිස් නිලධාරීන් දැනුවත් කරන ලෙස හිමිකරු වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබිණි.
එම ක්‍රමය අගය කරමින් පාරිභෝගිකයෝ බහුතරයක් දෙනා ඉන්ධනහල් හිමිකරුට මෙන්ම රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට ද ප්‍රශංසාව පළ කළහ.
ඒ අතර පෝලිමේ සිට වරින් වර පොම්පකරු අසලට ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් කීපදෙනකු පොම්ප කරුවන් වෙත රුපියල් 500 සහ 1000 අදී වශයෙන් සන්තෝසම් ලබාදී ලබාදෙන නියමිත ඉන්ධන ප්‍රමාණයට වඩා වැඩිපුර ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලීම් කර තිබිණි.
ඒ බව ඉන්ධන හලේ රාජකාරි නියුතු උප පොලිස් පරීක්ෂක මධුසංඛ මහතාට දැන ගැනීමට ලැබීමත් සමගම ඔහුගේ උපදෙස් මත ලබාදුන් අල්ලස් මුදලට සරිලන ලෙස පමණක් ඉන්ධන ලබා දී අල්ලස් ලබා ගැනීම පමණක් නොව ලබා දීම ද වරදක් බව පෙන්වා දෙමින් එම පුද්ගලයන්ව එම ස්ථානයෙන් පිටත් කර හැරීමට කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක අමතක වෙනවා. පොඩි දෙයක්නේ...
අමුතුවෙන් කියන්න ඕනේ නැහැ ලොරිකාරයෝ තෙල් ගහන එකාට රු.1000 දුන්නාම ටැංකිය පිරෙන්න වදිනවා. මීටරය කඩ කඩ ගහනවා. ගහගත්තා මිනිස්සු මට කිව්වේ.