(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තියුණු ආයුධ රැගෙන යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලදී ඊයේ (25) රාත්‍රී පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය කියයි
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වැල්ලම්පිටිය මීතොටමුල්ල කලංසූරිය පටුමග පදිංචිව සිටි ප්‍රකාස් තිළිණ කුමාර 34 නමැති අයයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් යන අයගේ සහෝදරයා බවත් පොලිසිය කියයි.
පුරුද්දක් ලෙස මිතුරන් සමග ඔරුගොඩවත්ත ගුවන් පාලම අසල සවස් කාලයට නිරතුරුවම රැඳී සිටින ඝාතනයට ලක්වූ පුද්ගලයා තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයන් කීපදෙනකු කීප දෙනකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිට ඇප මත සිටින්නකු බවත් පොලිසිය කියයි
අධිකරණ නියෝග මත සෑම මසකම අවසන් ඉරුදින වැල්ලම්පිටිය පොලිසියේ පෙනී සිටින චූදිතයකු බවත් පොලිස් නිළධාරියෙක් පැවසීය
ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙක් අත් අත් අඩංගුවට ගෙන නැත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සනට තිබිච්චි රට මේ තත්වයට පත්කරන්න ජාතිවාදය අවුස්සපු අයට සොබාදහමින් පඩිසන් ලැබෙනවාමයි. තවත් අය ඉන්නවා. එයාලත් ළඟදීම හම්බවෙයි...!
මේ මුන්ද විප්ලවීය වීරයෝ.රටට අබ සරණයි.
හොඳම වැඩේ.