(අංජුල මහික වීරරත්න)
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකවරුන් තිදෙනෙක් පත් කරනු ලැබ තිබේ.
ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ලෙස ධනුෂ්ක රාමනායක,ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ (මුද්‍රිත මාධ්‍ය)පියසේන දිසානායක,ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ (විද්‍යුත් මාධ්‍ය) ශානුක කරුණාරත්න මහත්වරු පත්වීම් ලැබ සිටිති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම් සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ... යාන්තන් ඇති... දැන්නම් රට දියුණුවෙන් දියුණුවට පත්වෙයි..!
ඒකෙන්ම තේරෙනවනේ පම්පෝරි ගහන්න මිසක් වැඩක් කරන්න ඇවිත් නැහැ කියලා...!
හිතේ හැටියට පත් කරන්න. මේ මදි නම් තව තව අඳුරන උදවිය ගන්න.
මේ බංකොළොත් රටේ ජනධිපතියට මාධ්‍යය අධ්‍යක්ෂකල තුන්ථු දෙනෙක් මොකටද . කවුද උන්ට පඩි ගෙවන්නෙ. මෙයා රට ඉතුරු ටිකත් බන්කොලොත් කරන්ඩ ආපු එකෙක්.
පා. ච. ගේ ගෝලයත් ඉන්නවා කියන්නේ ඉතින් පා. ච. තුමා ඊයේ පෙරේද කාටද චන්දෙ දුන්නේ කියන එක රහසක් නොවේ කියල.
මේ ගොල්ලන්ට කරන්න තියන රාජකාරිය හිස් බැලුම්බෝල වලට හුලං පුම්බලා ලොකු කරල අපට පෙන්නන එක නේද?
දවස් කීයකටද?
ජනතාවගෙ මාධ්‍යය නිදහස පාලනය කිරීමේ යටිකූට්ටු අධ්‍යක්ෂක කමිටුවක් ජනතාව් මුඩල්වලින්ම මුදල්වවලින්ම!!!
ලංකාවට මේක තමයි දැනට කරන්න ඉතුරු වෙලා තිබුනේ. දැන් ඕකත් හරි. තාම මිනුස්සු තෙල්, ගෑස් පොලීම්වල. ඕවාට තාම විසඳුම් නැහැ. ඒ අතරතුර සාගල රත්නයක් ජනාධිපති උපදේශක කරලා. දැන් මේ පත්වීම්. නොබෝ දිනකින් රවී කරුණානායක, අර්ජුන් මහේන්ද්‍රන්, අකිල විරාජ්, රුවන් විජේවර්ධන, රංගේ බන්ධාර සේරටම තනතුරු ලැබේවි.
එතකොට කලින් හිටිය දෙන්නට මොකද උනේ?
එක ලොන්ඩරියට අද්යක්ෂක වරු තුන් දෙනයි. තියෙන කුණු රෙදි ප්‍රමානේ ගැන හිතා ගත්තහැකි