(එම්.සුසිල් පියන්ත)
අම්බලන්ගොඩ ඌරවත්ත ගංගාරාම මාවතේදී අද(26) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මේ වෙඩි තැබීමෙන් තුවාල ලබාඇත්තේ අම්බලන්ගොඩ ඉඩම්තොට පදිංචි මුරුක්කුවාදුර වසන්ත ද සොයිසා නමැත්තෙක් බවද පොලීසිය කියයි.
යතුරු පැදියෙන් යමින් සිටි මේ තැනැත්තාට යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.
වෙඩි වැදුණු තැනැත්තා මීට වසර දෙකකට උඩදී අම්බලන්ගොඩ ඌරවත්ත පැරට්හංදිය ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධියකට රක්ෂිත බන්ධනාගාරගත කොට ඇප මත නිදහස්ව පැමිණ සිටි අයකු බවද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd