
(යොහාන් භාසුර)
‘ජාතික ඉන්ධන බලපත්‍රය’යට අදාල කිව්.ආර්. කේතය අනුව මෙම සතියේ යතුරුපැදියකට පෙට්‍රල් ලීටර් 4 ක් ලබාදෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
යතුරුපැදියකට පසුගිය සතියේ රුපියල් 1500 ක පෙට්‍රල් හිමිවිය.
මෙම සතියේ ත්‍රිරෝද රථයකට ලීටර 5 ක්, වෑන් රථයකට ලීටර 20 ක්, කාර් රථයකට ලීටර 20 ක්, ලොරි රථවලට ලීටර 50 ක්, බස් රථ 40 ක් සහ සෙසු වාහනවලට ලීටර 15 ක් බැගින් ඉන්ධන නිකුත් කරන බව ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ත්‍රිවිලර් ගෙනාවේ 1977දී පත්වූ රජය කාලයේ රැකියා ප්‍රශ්නය විසඳීමට.. දැන් ඒක වසංගතයක් වෙලා ඉවරයි.. රටට වැඩක් කළහැකි තරුණ ශ්‍රමය නිකරුණේ නාස්ති වෙනවා.. මට ත්‍රීවීලර් එකක් නැහැ. නමුත් හිතලා බැලුවොත් ත්‍රිවීලර් සඳහා දින 07කට ඉන්ධන ලීටර් 05ක් මොකටද? කෙනෙක් උදේ හතේ සිට රාත්‍රියේ හත පමණ වෙනතුරු එම රැකියාව කරනවා. දිනකට ඉන්ධන ලීටර් එකක් වත් නැතුව මොනවා කරන්නද? අඩුම තරමින් සතියකට ලීටර් දහයක්වත් දෙනවා නම් හොඳයි කියලා හිතෙනවා...
බෝට්ටුවලට තෙල් දෙන්නේ කොහොමද? කරේ තියන් ෂෙඩ් එකට එන්න ඕනෑද?
අමුතුවෙන් වැඩිකරන්න ඕනේ නැහැ ලොරිකාරයෝ තෙල් ගහන එකාට රු.1000 දුන්නාම ටැංකිය පිරෙන්න වදිනවා. මීටරය කඩ කඩ ගහනවා.