(ඩයනා උදයංගනී)

රාජ්‍ය ආයතන කිහිපයක් සඳහා නව ප්‍රධානීන් පත් කර ඇතැයි කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) පැවසීය.

ඒ අනුව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ලෙස ඩී.ආර් .එස් හපුආරච්චි, රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස පී.බී.එස්.සී නොනිස්, මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ලෙස ඩබ්ලිව්.ඒ සත්කුමාර සහ තොරතුරු තාක්‍ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස ජූඩ් නිලුක්ෂාන් යන මහත්වරුන් පත්කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම පත්වීම් සඳහා වන කැබිනට් පත්‍රිකා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ බව ද ඇමතිවරයා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.