(අංජුල මහික වීරරත්න)
කතරගම ඇසල මහ පෙරහරට සහභාගී වීම සඳහා නැගෙනහිර සිට පා ගමනින් එන බැතිමතුන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසන ලෙස කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.
බැතිමතුන්ට පානීය ජලය ඇතුළු පහසුකම් සලසන අතර වනසතුන්ගෙන් ආරක්ෂාවීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් සකසන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
මේ කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ද වෙන් කර තිබෙන බවත් පෙරහර කාලසීමාව අවසන් වන තෙක් යාල වනාන්තරයේ මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන ලෙසත් අමාත්‍යවරයා පවසා තිබේ.
ඓතිහාසික ඇසල මහ පෙරහැරට මෙවරත් නැගෙනහිර පළාතේ සිට දහස් ගණනක් බැතිමත්හු යාල වනාන්තරය හරහා පා ගමනින් පැමිණෙමින් සිටිති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කඳසුරිඳු පිහිට පතා පා ගමනින් එන බැතිමතුන්ට විශේෂ ආරක්ෂාව