
(නිමල කොඩිතුවක්කු)
ජනතා ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන ජාතික සභාවක් පිහිටුවීමට පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී ප්‍රකාශ කළේය.
බහුජන සමිති, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන යනාදී සියල්ල එකතු කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ගොඩනඟන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජාතික සභාවට එන ප්‍රගතිශීලී යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ඒකාබද්ධ වෘත්තීය සමිති හමුවේදී ඔහු මේ බව පැවසීය.
ජනතාව එක්වී ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් දියත් කරමින් හිටපු අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් ගෙදර යැවීමට කටයුතු කළත් ඊට පසු ඇති වූ විකල්පය පෙර තත්ත්වයටත් වඩා බරපතළ බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.
විපක්ෂයේ කාර්යභාරය ඉටුකරන අතරතුර රජයේ සාධනීය කටයුතුවලට පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රමය හරහා සහයෝගය ලබා දෙන බව නව ජනාධිපතිවරයා පත් වූ දාට පසු දින පැවති පක්ෂ නායක රැස්වීමේදී තමන් අවධාරණය කළ බවත් ඔහු සඳහන් කළේය.
සර්වපාක්ෂිකව රට ගොඩනැගීමේ ප්‍රයත්නය එය බවත් එසේ නොමැතිව සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන්නේ ඇමති අන් තට්ටු ලබාගෙන වරදාන වරප්‍රසාද ලබා ගනිමින් කරන රඟපෑම නොවන බවද විපක්ෂනායකවරයා පැවසීය.
225 ම එකයි යන්න නිවැරදි නොවන බවත් එය 134එකයි යන්න නිවැරැදි විය යුතු බවත් හෙතෙම කීවේය.
පැවතියේ ජනාධිපතිවරණයක් නොවන බැවින් ජනතා බලය ඉදිරියේ ආණ්ඩුව පරාජය වන බව ඒකාන්ත යැයිද විපක්ෂ නායකවරයා පැවසීය.
මහ පොළොවේ ජනමතය සහමුලින්ම විකෘති වී ඇතත් පාර්ලිමේන්තුවේ තත්ත්වය එසේ නොවන බව එම ප්‍රතිඵල වලින් පැහැදිලි වූ බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීත්‍යානුකූල රජයක් තියෙද්දී කැලෑ රජයක් පිහිටුවන්න සූදානම් වෙන්නේ තවත් ජවිපයක් හදන්නවත්ද? මේ විකාර කවදා හොඳ වෙයිද මන්දා..? නායකකම් ගන්න ඔහොම බැහැ. හරි පාරෙන් එන්න කරුණාකරලා..දැන් ඔය පිළිගත්තු කාලේ ඉවරයි. ආසයි, බයයි නැතිකරගන්න බලන්න..
පස්ස දොරින් ආපු දුර්දාන්ත පාලකයින්ට නම් කිසිම මුක්කුවක් ගහන්න එපා. ජනතාව ඉල්ලන්නේ මැතිවරණයකින් නව පාලකයින් පත්කිරීමයි..
අපිට නම් විපක්ෂ නායකකම පැහැරගෙන ඉන්න අය එලවලා පොදු ජනතාවට පිළිගන්න පුළුවන් නායකයෙක් පත් කරගන්නයි ඕනෑ. එතකොට මයික් කටාගේ ශාපය ඉවරයි...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුකූල හැම දෙයක්ම සිදුවිය යුතුයි. ව්‍යවස්ථාවේ එහෙම දෙයක් නැහැ. පාර්ලිමේන්තුව ඒ සැමටම වැඩිය ඉහළයි. ඔබතුමා දන්නේ නැත්නම් ගුරුතුමාගෙන් අහගන්න. කරන්න බැරි දේවල් කතා කිරිමෙන් වළකින්න.
හරියට හරි පුළුවන් නම් ඡන්දයකින් පත්වෙලා අලුත් ආණ්ඩුවක් හදන්න..
ඉස්සරවෙලාම කළයුතු දේ මහජනතාව නියෝජනය නොකරන විධායක තනතුරේ ඉන්න කෙනා අයින් කරන එක නේද...?
රුසියානු වෙබ් අඩවියක විදේශිකයෙක් මෙහෙම දාල තිබුණා. "ලංකාවේ හැඩය කඳුළු බිංදුවක් වගේ. එය ශාපලත් දේශයක්." ඒක ඇත්ත කියලා දැන් හිතෙනවා. නායකත්වය කියන අල ගෝනියේ ඔක්කොම කුණුඅල... දෙවියනේ එක හොඳ අලයක්වත් අපට කවදාවත් ලැබෙන්නේ නැද්ද..?
ජාතික සභාවක් පිහිටුවීම තුලින් ජනතාවගේ සැබෑ ආකල්ප හඳුනාගෙණ නිවැරදිව කටයුතු මෙහෙයවා ගැනීමට අනාගතයේ හෝ අවස්ථාව හිමිවේවි.
මොනවට විපක්ෂ නායක වුණාද මන්දා? වැදගැම්මකට ඇති කිසිම දෙයක් අහන්න නැහැනේ.. තොරතෝංචියක් නැතිව ඔහේ කියවනවා...
පිට ඔය මගුලක්වත් ඕනේ නැහැ. ඔය බහුබුත පැත්තකින් තියලා රටට ඩොලර් එන ක්‍රමයක් පමණක් හිතනවා පුලුවන්නම්