(උපුල් හේරත්)
මිහින්තලේ මහකනදරාව රක්ෂිතයේ මී කැඩීමට ගිය දෙදෙනකුට වල් අලි පහරදීමෙන් එක් අයකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ,අනෙක් තැනැත්තා රක්ෂිතය තුළම මියගොස් ඇතැයි කහටගස්දිගිලිය පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් බරපතල ලෙස තුවාල ලැබූයේ කුකුලෑව ,සිප්පුකුලම ,ලිපිනයේ පදිංචි සුද්දහාමිගේ ජයතිලක යන අය යි .
මෙසේ මියගොස් ඇත්තේ අවුසදහාමිගේ ගුණසේකර නැමත්තෙකි. සීප්පුකුලම කුකුලෑවේ අයකු තුවාල ලබා ඇතැයි කහටගස්දිගිලිය පොලීසිය සඳහන් කළේය.
මහකනදරාව රක්ෂිතයේ කුරුන්ජන්කූලම වැව්පිටිය ආසන්නයේ මී වද කැඩීමට ගිය මෙම දෙදෙනාට වන අලියකු පහර දී ඇත .
වල් අලි ප්‍රහාරයෙන් තුවා ලැබූ සුද්දහාමිගේ ජයතිලක යන අය අපහසුවෙන් රක්ෂිතයෙන් එළියට පැමිණ ගම්මානයේ සිටි පිරිසට දැනුම් දී ඇත .ගම්මුන් විසින් 1990 නැමැති ගිලන් රථය ගෙන්වා එම රෝගියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත .
අවුසදහාමිගේ ගුණසේකර යන අය රක්ෂිතය තුළ සොයා ගැනීමට නොහැකිවූ හෙයින් ගමියන් ඒ පිළිබඳව මිහින්තලේ පොලීසියට දැනුම් දී ඇත .මිහින්තලේ පොලිසියේ නිලධාරීන් විසින් අනුරාධපුර වනජීවී නිලධාරීන් හා එක්ව සොයා බැලීමේදී කැලය තුළම වැටී මියගොස් සිටියදි සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd