(රන්ජන් කස්තුරි)
රජයේ සහ රජයේ අනුමත පාසල් හෙට සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
මින් ඉදිරියට සෑම සතියකම සඳුදා,අඟහරුවා සහ බ්‍රහස්පතින්දා දිනවල නියමිත වේලාවට පාසල් විවෘත කෙරෙන අතර බදාදා සහ සිකුරාදා දිනවල මාර්ගගත ක්‍රමය ඔස්සේ සිසුන්ට ඉගැන්වීම සිදු කරන බව ද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
මේ අතර දකුණු පළාත් සභාව යටතේ පාලනය කරන පාසල් සතියේ දින පහේදීම විවෘත කරන බව දකුණු පළාත් සභාව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපනය කඩාකප්පල් වුණු රටක්... මොකක්ද මේ දරු දැරියන්ගේ අනාගතය..? වැඩකාරකමට පිටරටවල පැටවීමද?
අධ්‍යාපනය කඩාවැටුණාට කණගාටු වෙන්න එපා... මේ ආණ්ඩුවේ ඔයාලා ඔක්කෝටම පාස්පෝට් ලබාදීලා කොහේහරි රටකට පටවයි.. බැලමෙහෙවරකම් කරන්න.
මොවුන්ගේ දැක්ම කොතරම් කෙටියිද කියා තේරෙන්නේ අධ්‍යාපනයට කරන විනාශයෙන්. හිතූ ගමන් නිවාඩු ප්‍රකාශ කරනවා. දැනටමත් දරුවන් වසරකට පාසල් පැවැත්විය යුතු දින ගණනින් අඩක් වත් සපුරා ගැනීමට නොහැකිව සිටින්නේ. කොරෝනා නිසා වසර දෙකකටත් වඩා කිසිඳු වාරවිභාගයකට මුහුණ නොදී ඉදිරියට යන සිසු කැලක්... අනාගතයේ කෙලෙස නම් වලටම වැටුණු රටක් පරිපාලනය කරන්නද? ජාත්‍යන්තර සමීක්ෂණ ආයතන අපගේ අධ්‍යාපනය පිළිබඳ ශ්‍රේණිගත කිරීම් පියවරින් පියවර පහළ හෙළයි. ඉහළ දැනුමක් අවැසි විදේශීය ආයෝජන මෙරට රැඳී සිටීද...? නව ආයෝජන එයිද? විවෘත මනසින් ගැටළුව නිවැරදිව නිරාකරණය කරන්න. අපි පව්...!
දරුවන් වෙන්වෙන් ‘‘දෙමව්පියන් අරගලයට'‘.. පාරට බහින්න පෙර මේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න.