(සුජිත් හේවාජුලිගේ)
මහජන ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා ත්‍රිවිධ හමුදාව දිවයින පුරා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය .
ඔහු මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතින් පැවරී ඇති බලතල අනුවය.
මේ අනුව මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා දිවයින පුරා අද සිට ශ්‍රී ලංකා යුද හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කැඳවීමට කටයුතු කෙරෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනයාව ආරක්ෂා කරගන්න වෙලා තියෙන්නේ මිනීමරු දූෂිත පාලකයින්ගෙන්... ඒක නවත්තන්න හමුදාවට බැරිවෙලා තියෙන්නේ. හමුදාවල් දිවුරලා ඉන්නේ රටේ පාලකයාගේ අණට කීකරු වෙන්නලුනේ..
ත්‍රිවිද හමුදාව කියන්නෙ ශ්‍රී ලාංකිකයන් බව අමතක නොකරන්න !
ඔබ මර්දනය විසඳුනාම කියා තීරණය කර ඇත. ජනතාව ඔබගැනත් තීරණය කර ඇත.
මෙයා ත්‍රවිධ හමුදාව පාවිච්චි කරන්නේ ආහාරයට රම්පා, කරපිංචා වගේ. ඔහුගේ වාසියට පමණයි. එදා රණවිරුවන් තොප්පිගල අත්පත් කරන කොට, මෙයා කිව්වේ තොප්පිගල කැලේ කියල. ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාට නිසි තැනක් දුන්නේ නැහැ. අද මර්ධනකාරී ඒකාධිපති ගමනට හමුදාව පාවිච්චි කරන්නේ...
ඔය පාරට බැහැලා ඉන්නේ හමුදා බටයින්ගේ අක්කලා, නංගිලා, අයියලා, මල්ලිලා නිසා මේ සැරේ ටිකක් අපහසු වෙයි.