
(සුජිත් හේවාජුලිගේ )
ගෝල්ෆේස් අරගල කරුවන්ට මාධ්‍යවේදීන්ට සහ සිවිල් පුරවැසියන්ට අද අළුයම පහරදුන් පහර දුන් සහ ඊට නියෝග දුන් සියලුම දෙනාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය .
මෙම නින්දා සහගත බියගුලු ප්‍රහාරය පිළිබඳව තමා දැඩි කම්පනයට පත්ව සිටින බවත් ප්‍රහාරය පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත් ඔහු සඳහන් කළේය .
රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුවට එරෙහිව මුළු රටම නැගී සිටින දිනය වැඩි ඈතක නොවන බවද විපක්ෂ නායකවරයා කීවේය.
ඔහු මෙසේ පැවසූවේ අරගල කරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලකරුවන් සජිත් පහරදීම ගැන “No comments”.. බොරදියේ මාළු බාන්න හදන්න එපා..! අරගල පෝෂණය කිරීම නවතා රට සංවර්ධනය කිරීමට සහයෝගීත්වය ලබාදෙන්න...
ඔයාට සෑහෙන කාලයක් විපක්ෂයේ ඉන්න වෙයි වගේ. ඒ අතරේ විපක්ෂ නායකකමත් ගහල යයි
හැමෝම පිලිගන්නවා අරගලකරුවන්ට නොවෙ ඔවුන් පිටපස්සෙ ඉදගෙන තම පටු අදහස් වලින් ඔවුන්ව පෙලම්බවන අයටයි අම්මාගෙන් බිපු කිරි මතක්වෙනතුරු තලන්න තිබුනුවග.
ඔබතුමාත් කෙලින් ඉදිරියට එන්න රටට පත්වුණු දුෂ්ඨයන්ගෙනුත් ගලවා ගත යුතුමයි
හෙලා දැකීමේ නිවේදන,බේරා ගැනීමේ නිවේදන,ට්විටර් නිවේදන,කිසිවෙකුට එකවර තේරුම් ගත නොහැකි විටක ඔහුටත් නොතේරේන ලියුම් ලිවීමට උපන් හපන් කෙනෙක් අවශ්‍ය නම් විමසන්න.පැය 24 පුරා ක්‍රියාත්මක යි.
ඔය අතේ බැඳගෙන ඉන්න සුදු පාට වලලු ගලවන්න..! රනිල්ගෙ ගෙදර ගිනි තියනකොට ඔයදේම නේද පුතාණෝ කිව්වේ... ඇයි තාම කිඹුළ් කඳුළු.?
අන්න ඔයාගේ කට්ටිය දැන් පැනලා.
අපි දන්නවා අරගල කරුවන් උඩදාන්නේ කවුද කියලා.... හරහට නලවපල්ලා... ඔහේගේ නරිවාදන් කටේ කෙළටික හිඳෙනකම් විතරයි.
මෙයා කොරෝනා කාලේ සෞඛ්‍ය නීති කඩාගෙන සෙනඟ පාරට ගෙනාවා, ඇඳිරි නීතිය කඩාගෙන සෙනඟ පාරට ගෙනාවා. කොහෙත්ම රටට හිතකර කෙනෙක් නෙවෙයි. එයාගේ කට්ටිය නේද රනිල් මහතාගේ ගේ ගිනි තියලා තියෙන්නේ... ඒක හරි කියනවාද මෙයා...? අරගලය අස්සේ වැඩිපුර ඉන්නේ ඔය ආතක් පාතක් නැති එකඑක අයගේ හෙනචයියලා...
මුන්දැ හැම වෙලාවෙම කතා කරන්නෙ තර්ජනාංගුලිය ඔසවාගෙන තමයි මෙයිනුත් පේන්නෙ මුන්දැ යම් ලෙසකින් චන්ද දායකයින්ට අතපසු වීමකින් රටේ පාලකයෙක් වුනොත් ජනතාව මර්දනය කරනවා ස්තිරයි කියලා .නුවනැත්තෝ සිටීනම් සිතත්වා කයිවාරු ගැහුවට බලය ගන්න ආසයි.නමුත් රෙද්දෙ අසූචි පහවෙයි කියලා බයයි
විපක්ෂයේ නායකතුමා ගෝල්ෆේස් අරගලය පටන්ගත්තේ ගෝඨා ගෝ හෝම් කියලා.. රනිල් අගමැති වුණාම නෝඩීල් ගම හැදුවා... රනිල් ජනාධිපති වුණාම නෝඩීල් ගම අයින්කළා ගෝඨා ගියාම ගෝඨා ගෝගම අයින් නොකර රනිල් ගෝගම කරන්න හැදුවා... ගෝ ගම ආරම්භ කළේ ගෝඨාභයට අකැමැති අය. මේ වෙලාවේ කොන්දක් තියෙන කෙනෙක් ලෙසට ඔබ අගමැති වුණානම් ඔබටත් වෙන්නේ ඔය ටික තමයි. අරගලය කරන අය කරන්නේ මම හිතන හැටියට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්න බැරිද? නැත්නම් ඇමරිකන් තානාපති ඔතරම් පුප්පන්නේ නැහැ කුමක් හෝ යටිකූට්ටු වැඩක් සිද්ධවෙනවා දැන් පෙනෙන විදියට මේක ජවිපෙ 2024 ජයග්‍රහයට පාර කැපීමක්... සත්‍ය තත්වය එහෙම වෙන්න පුළුවන් මෝඩයෙක් නොවී මගින් ජවිපෙ කාරයින් පක්ෂයේ අරමුදල් රැස්කරන බව සිතා කටයුතු කරන්න මෙවර ඔබ අගමැතිවෙලා හිටියා නම් ඔබට උන්දැලා කරන්නේ ඔය ටික තමයි පොඩ්ඩක් ඔලුව කහලා බලන්න. එතකොට මොළයක් තිබේ නම් පෑදේවි..!