IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


’’අරගලකරුවන්ට විහාර මහා දේවි උද්‍යානය දෙන ක්‍රමය ගැන කණගාටුයි‘‘’’

(නිමල කොඩිතුවක්කු)

අරගලකරුවන්ට විහාර මහා දේවි උද්‍යානය වෙන් කර දෙනබව පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් කනගාටු වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී  අද (22)පැවසීය.

අරගලකරුවන් පැය 24න් ඉවත් වන බව ප්‍රකාශ කර තිබියදි අරගලකරුවන්ට, නීතීඥයන්ට, මාධ්‍යවේදීන්ට පහරදිම රටේ  ප්‍රතිරුපයට විශාල හානියක් බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

"මෙම සාමකාමී අරගලය  දෙස මුළු ජත්‍යන්තරයම බලගෙන හිටියා. එමෙන්ම ඔවුන් ප්‍රකාශ කර තිබුනා පැය 24ක් ඇතුළත මෙම අරගලය තාවකාලිකව නවත්වන බවත්. එසේ තිබියදි මෙම පහරදිම ගැන අපිට කිසිසෙත්ම පිළිගන්න බැහැ. අරගලකරුවන්ට වීහාර මහා දේවි උද්‍යානය වෙන් කර දෙනවා කියලා පසුගියදා පක්ෂ නායක් රැස්වීමෙදි නව ජනාධිපතිවරයා අපිට පැහදිලිවම කිව්වා. පැය 24න් ඉවත් වන බව ප්‍රකාශ කර තිබියදි අහිංසක අරගලකරුවන්ට,නීතිඥ මහත්වරුට, මාධ්‍යවේදීන්ට ,ජත්‍යන්තර මාධ්‍යවේදීන්ට පහරදිම අපේ ප්‍රතිරුපයට විශාල හානියක්.

අපේ රට බංකොලොත් වෙලා තියන අවස්ථාවක විශේෂයෙන්ම බටහිට රටවල්වලින් අපි උදව් ඉල්ලන අවස්ථාවක මෙවනි ප්‍රහාරයක් එල්ල කිරිම ශ්‍රී ලංකාව කබලෙන් ලිපට දැමිමක්.

ඒවාගෙම දැනටමත් මෙම ප්‍රහාරය යුරෝපා හවුල ,මහා බ්‍රිතාන්‍ය ,ඇමෙරිකව,කැනඩාව වැනි රටවල් තරයේ හෙළා දැකලා තියනවා. දැනටමත් අපේ රටට විරුද්ධව ජත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ යොජනාවක් සම්මත වෙලා තියනවා. දැන් මේ ප්‍රශ්න ඒවාට එකතු වුණාම අපිට විශාල ජත්‍යන්තර අර්බුදයකට මුහුණ දෙන්න සිද්ද වෙනවා මේ රජය යන්නෙත් පරන රජය ගිය පාරේමයි කියන එක ඉතාමත් පැහැදිලියි.



අදහස් (20)

’’අරගලකරුවන්ට විහාර මහා දේවි උද්‍යානය දෙන ක්‍රමය ගැන කණගාටුයි‘‘’’

කිරි පුතා Friday, 22 July 2022 05:31 PM

අරගල කරුවන්ව ගෙදර ගිහින් තියාගත්තා නම් හරි...

:       43       188

ඇල්ලFriday, 22 July 2022 05:47 PM

කිරිඇල්ලගේ හන්තානේ කඳු මුදුන දෙන්නකො... ලෝකයටම ඒ අය අරගල කරන එක පෙනේවි..!

:       21       70

sweneFriday, 22 July 2022 09:07 PM

අරගල කරුවන් පෙනී සිටියේ ජනතාවගේ පීඩනය වෙනුවෙන්. එය විහිළුවට ගන්න එපා...!

:       0       0

සිල්වා Friday, 22 July 2022 05:32 PM

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මොනවා කිව්වත් නව ජනාධිපතිවරයා සිදු කරන්නේ තමන් බාරගත්තු කාර්යය...

:       29       131

පිටරැටියා Friday, 22 July 2022 05:53 PM

නිරායුධ අරගලකරුවන්ට පහරදී අඩන්තේට්ටම් කරන එක වෙන්නැති.. දූෂිත දේශපාලුවන්ගේ කෙරුවාවල් නිසා ජනතාව නොවිඳිනා දුක් විඳින්නේ?

:       106       52

anura Friday, 22 July 2022 05:42 PM

විහාරමහා දේවී උද්‍යානය ළමයින්ට හා වෙනත් පුද්ගලයින්ට විවේකීව සිටීමට තිබෙන තැනක්. කොහෙවත් ඉන්න රැලකට ඒක දීම සාමාන්‍ය ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. සාමාන්‍ය ජනතාව පරිසරයත් සමග විවේකීව සිටින තැනකට උද්වේගී අදහස් ඇති අය පැමිණීම සාමාන්‍ය ජනතාවට හිරිහැරයක්. මෙවැනි තීරණයක් ගැනීමට පෙර සාමාන්‍ය ජනතාවගෙන් අදහස් විමසන්න ඕනෑ. එහි සමහර දේවල් වසර ගණනක් පැරැණි ඒවා. කෙසේවෙතත් එවැනි ස්ථානයක මෙවැනි රැලකට දෙනවා නම් නිවාස අහිමි කොළඹ ඉන්න පුද්ගලයින්ටත් මෙහි පදිංචි වන්නට අවසර දිය යුතුයි...

:       17       104

Surain Friday, 22 July 2022 05:48 PM

සිංහයෙක් කියාගන්නා කෙනෙකු පැන්නුවා මතකද? එහෙනම් පොඩ්ඩක් ඉන්න.

:       26       61

සුදු ඇඳගෙන කලු ඇවිදින් Friday, 22 July 2022 05:51 PM

ඕන ගොනෙකුට අරගල කරන්න පුළුවන්...

:       17       117

Sujeewa Friday, 22 July 2022 05:51 PM

කොළඹ - නුවර මාර්ගයෙන් ගසාකෑ මුදල් ටිකක් මේ අයට දෙන්න බැරිද?

:       7       79

ravin Friday, 22 July 2022 06:00 PM

මෙයාගෙ පුද්ගලික දේපලක්ද විහාර මහ දේවි උද්‍යානය කියන්නෙ? නොදන්නා හැඩයි, විහාර මහා දේවි උද්‍යානය කොලඹ නාගරිකයන්ගෙ බදු මුදලින් නඩත්තුවෙන කොලඹ නාගරිකයින්ගෙ සුව පහසුව පිනිස පවත්වාගෙන යන ස්ථානයක්. තම තමුන්ගෙ පුද්ගලික පටු දේශපාලු අදහස් වලින් ‌පොදුජන හිත සුව පිනිස තියන දේපල විනාශකල කාලය අවසන් බව හොදින්ම මතක තියාගත්තොත් කාගෙ කාගෙත් මානසික හා ශරිරික සුවයට හොදයි.

:       0       0

මහසෙන් Friday, 22 July 2022 06:54 PM

අරගල කරුවන්ට තැනක් හදලා. දෙන්න පෙර මේ පප්පලා ටිකට සැඳෑසමය ගත කරන්න තැනක් හදලා දෙන්න වෙයි. එදා ඡන්දේ දවසේ දැක්කා මේ පප්පා එක්ක අනික් පප්පලා උන්නු හැටි...

:       6       60

dm Friday, 22 July 2022 07:05 PM

පොඩි ළමයෙකුට ගිහින් විනෝදවෙන්න තියෙන තැනක් කුඩ්ඩන්ට, පොකට්කාරයින්ට හෙවන දෙන අරගලේකට දෙන්න ඕනේ නැහැ කොහෙත්ම... ඔය අරගලවලට ඉඩම් දුන්නු මහ ප්‍රජතන්ත්‍රවාදියාට උන් හිටිතැන් නැතිවුනේ.

:       7       84

BT Friday, 22 July 2022 07:53 PM

"මෙම අරගලය තාවකාලිකව නවත්වන බවත්" — ඒ කියන්නේ පාෙඩි විරාමයක් ලබාගෙන, පිටරටවලින් සල්ලි ටිකකුත් ඉල්ලාගෙන ආයෙත් බැට් කරන්න ගන්නවා නේද? මෙය "බිග් මැච්" එකක් නාෙවන බව තේරුම් ගැනීමට මොහු වැනි අයට තව කෙතරම් කල් ගතවේද?

:       6       77

Samith Friday, 22 July 2022 08:13 PM

අපේ ළමයින්ගේ පාසල් අසල අරගල භූමිය සඳහා වෙන් කිරීම සාධාරණයිද? මේ දේශපාලකයන් කවදාවත් මිනිස්සු ගැන හිතන්නෙම නැති කොටසක්... මෙයාලගේ ඉඩමක් දෙන්න බැරිද?

:       0       0

Saman Friday, 22 July 2022 08:45 PM

රාජ්‍ය විරෝධී අරගල නඩත්තු කිරීම රජයේ වගකීමක්ද?

:       0       0

Lelwala Friday, 22 July 2022 09:08 PM

ගෙදර එක්කගෙන යන්න...!

:       0       0

ruwan Saturday, 23 July 2022 06:05 AM

අහිංසක අරගලකරුවන්ට? අඩේ එහෙම අරගල කරුවොත් ඉන්නවද? ඔයාගේ දුවලාව බන්දලා දෙන්න...

:       0       0

Bamunuarachchi Saturday, 23 July 2022 07:30 AM

හැබැයි අරගල කාරයින් පාරට බැස්සොත් කකුල් කඩන්න අපිට පාරේ නිදහසේ යන්න තිබෙන්න ඕනේ...

:       0       0

Expat Saturday, 23 July 2022 08:38 AM

බොරු කියන්න එපා. අනුන් විවේචනයට නම් එකමුතුයි. වැඩක් බාර දුන්නාම හත් අතට අදිනවා. ගොන්නුයි, බූරුවයි, බල්ලොයි, එක බානට තියලා බැන්දා වගේ.... තීරණයක් ගන්න බැරුව එක එක්කෙනාගෙ මූනට එබෙනවා. කොන්දේසි දානවා. Opposition හොඳයි මරණ ගෙවල් වල පාලු කපන්න..​.

:       0       0

pakeer Saturday, 23 July 2022 08:52 AM

ලංකාවේ මිනිස්සුන්ට මේ විඳින දුක මදි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site