
(විමුක්ති එස් රුද්‍රිගු)
ගාලු මුවදොර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට බලය භාවිතා කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි අවධානයෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හැනා සින්ගර් හැම්ඩි මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළාය.
මාධ්‍යවේදීන්ට සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට පෙනී සිටින්නන් හට විරෝධතා සහ එහි ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමට හැකියාව තිබෙන බවත් එයට බාධා එල්ල නොකළ යුතු බවත් එම සටහනේ දැක්වේ.
සාමකාමී විරෝධතා පැවැත්වීමේ අයිතිය යටපත් කිරීමට උත්සහ කිරීම තුලින් රටේ දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වය තවත් නරක අතට හැරිය හැකි බව හැනා සින්ගර් හැම්ඩි මහත්මිය පැවසුවාය.
තවද ජනතාවගේ උපදෙස් ලබා ගනිමින් සාමකාමී විසඳුමකට යාම ඉදිරියට යා හැකි එකම මාර්ගය බව හැනා සින්ගර් හැම්ඩි මහත්මිය පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකාවේ සිදුවන වත්මන් බල හුවමාරුවේදී අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඉතා වැදගත් බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කිරීම ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන සහ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට උදව් විය හැකි ආකාරය සිතා ගත නොහැකි බව එම සටහනේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් මේ හොර තක්කඩි නායකයන්ගේ දේශපාලනය නැති කරලා ලෝකයේ පිළිගන්න යහපත් රටක් බවට පත්කරන්න.
බම්බු ගහන්ඩ කියන්ඩ
ඉරිසියාවට ඔහොම කීවට රුසියාවට මොනවත් කියන්නේ නැහැ--
රනිල් මාසෙන් එලවනවා කියන අරගල කරුවෝ ප්‍රජාතන්ත්‍රවාදී ද ?
රටේ අනාගත දරු පරපුර ගැන හැඟීමක් එන්න ... එහෙම කෙනෙක් වෙන්න එපෑයෑ..
මෙයාලාට බම්බු ගහන්න කියන්න... රටේ ජනතාව බඩගින්නේ... ඒවට වගේ වගක් නැහැ. අරගලය තමයි එයාලට කියෙන ලොකුම ප්‍රශ්නය. අර රුසියාවට ඔයටික කිව්වා නම් ඉවරයිනේ.. ඒකගැන වගේවගක් නැහැ.
සුනිල් මිලානෝ මහත්තයෝ, රටේ ජනතාව බඩගින්නේ ඉන්නේ මේ අය හොරකම් කරලා රට හොරා කාපු හින්දයි. මේ නැගිටින්නේ සාදුකින් පෙළෙන අය...
මේක යකාගේ වැඩක්නේ. අරගල කරුවන් රටේ කරපු ගිනිතැබීම්, මංකොල්ල කෑම් ජනතාවට කරපු හිංසන ඒවා ගැන එක්සත් ජාතීන්ගෙන් දැඩි අවධානයක් නැද්ද? ඒවා ගැන රජයට දැඩි අවධානයක් තිබෙන නිසාත්, ජනතාවගේ එදිනෙදා කටයුතු පහසු කිරීම සඳහා තමයි ඔය එලවා දැමීම සිදුකළේ. එලවන විට නොගිය නිසයි පහර දීම සිදුවුනේ. කැරලි මර්දන ඒකකයට උපදෙස් දුන්නේ කැරලිකරුවන් එළවා දමන්න. අවනත නොවන කැරැලි කරුවන් එළවා දැමීමේ උපක්‍රම කැරලි මර්දන ඒකකයට අයත්...!
රනිල්ට දන්නෙ විරොදතා ව්‍යාපාර මිලිටරි බලෙන් යටපත් කිරීම එදා බටලන්දෙදි වුනා වගෙ. රටෙ ජනතාවටත් තිබුන රණවිරු ගාය රනිල් විසින් නිට්ටවටම සුව කලා. හමුදා සමජිකයින් සිතිය යුතුයි ජනතාවට තිබෙන ප්‍රස්න ඔවුන්ටත් තිබෙනවා කියා