පන්සලේ මල් වට්ටිය ලක්ෂ 11කට වෙන්දේසි වේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ලෙනදොර - කිරලැස්ස ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන ධර්ම ශාලා ගොඩනැගිල්ලට ආධාර පිණිස තෙදිනක් පුරා පැවති පිංකම් මාලාවේ අවසන් දින කුසුම් බදුන් වෙන්දේසියේ දී මල් වට්ටිය රුපියල් ලක්ෂ එකොලහකට අලෙවි වූ බැව සංවිධායක මණ්ඩලය කියයි. 12 October 2022
කෝප් කමිටුවේ නිර්දේශ නීතිපතිට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) බලතල තවදුරටත් පුළුල් කරගැනීමට පියවර ගන්නා බව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය. 12 October 2022
කජිමාවත්ත ගින්න ගැන කමිටු වාර්තාව අගමැතිට මෝදර කජිමාවත්තේ නිවාස ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කමිටුවේ වාර්තාව එම කමිටු සාමාජිකයන් විසින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට බාරදෙනු ලැබීය. 12 October 2022
ගල්අඟුරු ආනයනයේදී අත යට ගැහිල්ලක් වැඩි මිල දර්ශකයක් ඉදිරිපත් කර අඩු මිල දර්ශකයක් යටතේ වන ගල්අඟුරු මෙට්‍රික් ටෝන් 6,300,000ක් ලක්විජය බලාගාරයට දීර්ඝකාලීන ප්‍රසම්පාදන යටතේ ආනයනය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත. 12 October 2022
මුහුදුබඩ දුම්රිය කාලසටහන වෙනස් කරයි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන හෙට (13) සිට වෙනස් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 12 October 2022
කෝටි පහක අයිස් සමග තරුණයෙක් මාට්ටු රුපියල් කෝටි 5 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ කේරළ ගංජා සමඟ පුද්ගලයකු රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 12 October 2022
රූපලාවන්‍යාගාර රැකගන්න ඇමති ගීතාගෙන් යෝජනාවක් රූපලාවන්‍ය ආයතන පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණක් ගෙන්වීමට අවසරයක් දෙන ලෙස තමා ඉල්ලීමක් කර ඇතැයි ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. 12 October 2022
බ්‍රිතාන්‍යයේ රොබෝ යුවතියක් පාර්ලිමේන්තුව අමතයි කෘත්‍රිම බුද්ධි රොබෝ යුවතියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සාමි මණ්ඩලය ඇමතුවාය. 12 October 2022
මහ කන්නයට යූරියා බෙදීම අරඹයි මහ කන්නය සඳහා යූරියා පොහොර බෙදාහැරීම ඇරැඹූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 12 October 2022
සමාජ මාධ්‍යයෙන් මුදල් ගැරූ තරුණයෙක් මාට්ටු විවිධ ත්‍යාග ලබාදෙන බවට පවසා සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන් රවටා ඔවුන්ගෙන් රුපියල් එක්කෝටි දහසය ලකෂයකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 12 October 2022
විරෝධතාවට දරුවන් රැගෙන ගියාට පරීක්ෂණයක් දරුවන් පිරිසක් උද්ඝෝෂණවලට රැගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් අරඹා ඇත. 12 October 2022
අද ගිගුරුම් සහිත වැසි ඇති වේ මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට අද (12) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 October 2022
කොටගල පාසලක සිසුන් 11ක් උණ - සෙම වැළඳී රෝහලට නුවරඑළිය අධ්‍යාපන කොට්ඨාසයට අයත් තලවකැලේ, කොටගල ප්‍රදේශයේ වතු පාසලක සිසු සිසුවියන් 11 කු හදිසි රෝගී තත්ත්වයක් මතුවීම හේතුවෙන් කොටගල ප්‍රාදේශීය රෝහලට අද (11) ඇතුලත් කර ඇත. 11 October 2022
ත්‍රිරෝද හොරුන්ට ගමෙන් ගුටි පුජාවක් නත්තන්ඩිය නගරයෙන් කුලි ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථ රියදුරුකුගෙ ගෙලට ලණූවක් දමා සිරකර පිහියෙන් ඇණ රථය සොරා ගත් දෙදෙනකු ගම්වාසින් අල්ලා බාර දුන් බව ඇති බව මාරවිල මූලස්ථාන පොලිසිය කියයි. 11 October 2022
බස්නාහිර ගරාජ් ලියාපදිංචි කරයි බස්නාහිර පළාත තුළ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සොරකම් අවම කිරීමේ අරමුණින් ගරාජ් සහ ඊට සමාන ස්ථාන 2,863 ක් ලියාපදිංචි කිරීම ආරම්භ කළ බව පොලිසිය පැවසීය. 11 October 2022
මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි දවුලගල මහ බැංකු සහකාර අධිපති ධුරයේ සහ මුදල් මණ්ඩලයේ ලේකම්වරිය ලෙස කටයුතු කළ කේ.එම්.ඒ.එන් දවුලගල මහත්මිය ඔක්තෝම්බර් මස 7 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරයට උසස් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් අද (11) ප්‍රකාශ කළේය. 11 October 2022
පුද්ගලයකුට පහරදීලා: වලල්ලාවිට ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට පුද්ගලයෙකුට අතින් පයින් පහරදුන් වලල්ලාවිට ප්‍රා දේශීය සභා මන්ත්‍රීවරයෙකු අද (11) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව මීගහතැන්න පොලිසිය පවසයි. 11 October 2022
දෑත් අහිමි මළ සිරුරක් මට්ටක්කුලිය ගඟේ දෑත් අහිමිව කැලණි ගඟේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පාවෙමින් තිබු පිරිමි මළ සිරුරක් අද (11) සොයාගත් බව පොලිසිය කියයි. 11 October 2022
ලාෆ් ගෑස් 500 කින් බහී ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 500 කින් අඩු කළ බවත් නව මිල අද මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් අද (11) පස්වරුවේ පැවසීය. 11 October 2022
හොරු ජෝඩුවකට ගම්මුන්ගෙන් ගුටි වරුසාවක් නත්තන්ඩිය නගරයෙන් කුලි ගමනක් යන මුවාවෙන් 10 දින දහවල් ත්‍රි4 රෝද රථයකට නැගි අතර මගදී රියදුරුගෙ ගෙලට ලණූවක් දමා සිරකර පිහියෙන් ඇණ රථය සොරා ගැනිමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාට තවත් ස්ථානයකදි යතුරු පැදියක් සොරකම් කිරීමට යාමේදි ගම්වාසින් විසින් පොලිසියට භාර දී ඇති බව ඇති බව මාරවිල මූලස්ථාන පොලිසිය කියයි. 11 October 2022
ආරක්ෂාව තර කළ යුතු අංශ තුනක් ගැන ජනාධිපති කියයි රටක ආරක්ෂාව යුදමය වශයෙන් පමණක් නොව ආහාර සහ ආර්ථික වශයෙන් ද සුරක්ෂිත විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 11 October 2022
තිළිණගේ සිර මැදිරියෙන් දුරකතන දෙකක් සොයාගනී ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ කාර් යාලයක් පවත්වාගෙන යාමෙන් පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින තිළිණි ප්‍රියමාලි නමැති සැකකාරිය භාවිත කළ ජංගම දුරකතන දෙකක් සොයා ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 11 October 2022
බැදුම්කර නඩුව පවත්වාගෙන යන්න බෑ: විත්තියේ විරෝධතාව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පිළිගනී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර් ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුළු විත්තිකරුවන් දහදෙනකුට එරෙහි නඩුව පවත්වාගෙන යා නොහැකි බවට විත්ති පාර්ශවයෙන් මතුකළ මුලික විරෝධතාවය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (11) පිළිගත්තේය. 11 October 2022
විභාග දෙපාර්තමේන්තුව ගුරුවරුන්ට ලක්ෂ 150ක පොල්ලක් තියලා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍යපෙළ විභාග රාජකාරි කළ ගුරුවරුන්ට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 150ක පමණ මුදලක් මේ දක්වා විභාග දෙපාර්තමේන්තුව ගෙවා නැතැයි වාර්තා වේ. 11 October 2022
උත්තර පත්‍ර පරීක්ෂක අයදුම් මාර්ග ගත ක්‍රමයට අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ උත්තර පත්‍ර පරික්ෂකවරුන් තොරා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 11 October 2022
ගෝලීය අර්බුද හමුවේ ලංකාවට සහන අවශ්‍යයි දිනෙන් දින උග්‍ර වන ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 54 කට දැඩි ණය සහන අවශ්‍යව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අද (11) නිකුත් කළ නවතම වාර්තාව පෙන්වා දුන්නේය. 11 October 2022
ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙසම පවතින බව රජය නිවේදනය කරයි. 11 October 2022
කැබිනට් ඇමතිවරු 22ට පක්ෂයි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයෙන් අනුමත කර ඇති නිසා කැබිනට් ඇමතිවරු ඊට පක්ෂව ඡන්දය භාවිතා කරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 11 October 2022
විදුහල්පති මව සමග උරණවී දරුවන් තිදෙනා පාසලෙන් පන්නලා මවක, විදුහල්පතිවරයා සමඟ ඇති කර ගත් ආරවුලකින් අනතුරුව දරු තිදෙනා පාසලෙන් එළියට දැමීමේ සිද්ධියක් අනුරාධපුර ප්‍රදේශයේ පාසලකින් වාර්තා වෙයි. 11 October 2022
ලෝක ගුරු දිනය දා ගුරුවරුන්ගෙන් අමුතු නාට්‍යයක් ලෝක ගුරු දිනය නිමිත්තෙන් මීගමුව පාසල පැවැති උත්සවයකදී ගුරුවරුන් හා ගුරුවරියන් අශෝභන ලෙස නර්තණයක යෙදුණු බවට මීගමුව කලාප අධ්‍යාපන අධ්යක්ෂ කාර්යාලයට පැමිණිල්ලක් ලැබී ඇත. 11 October 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026