(විමුක්ති එස් රුද්‍රිගු)

මහ බැංකු සහකාර අධිපති ධුරයේ සහ මුදල් මණ්ඩලයේ ලේකම්වරිය ලෙස කටයුතු කළ කේ.එම්.ඒ.එන් දවුලගල මහත්මිය ඔක්තෝම්බර් මස 7 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරයට උසස් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් අද(11) ප්‍රකාශ කළේය.

මුදල් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව මෙම පත් කිරීම සිදු කළ බව නිවේදනයේ දැක්වේ.