
(විමුක්ති එස් රුද්‍රිගු)
සඳ අයිති ඇමෙරිකාවට බව පවසමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෘත් සෝෂල් ගිණුමේ පසුගියදා ඡායාරූප සටහනක් තැබුවේය. ජනපති ට්‍රම්ප් පසුගියදා කෘතීම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කළ සඳෙහි ඡායාරූපයක් සිය ටෘත් සෝෂල් ගිණුමේ පළකර තිබූ අතර එහි සඳ අයිති අපට ලෙස පාඨයක් සටහන් වී තිබිණි.
එසේම පසෙකින් ඇමෙරිකානු ධජයද එහි විය. කෙසේ නමුත් ට්‍රම්ප්ගේ මෙම ඡායාරූපය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් නිර්මාණය වී තිබූ අතර එයට විවේචන ගණනාවක්ද එල්ල වූවේය.
එක් සමාජ මාධ්‍ය පරිශීලකයෙකු සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ ට්‍රම්ප් සඳෙන් නොනැවතී අඟහරු සහ හිරු වෙතද යා යුතු බවයි. පසුගියදා හෝමුස් සමුද්‍ර සන්ධියද ඇමෙරිකාවට අයත් බව සිය ටෘත් සෝෂල් ගිණුමේ සටහනක් තබමින් ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය. එසේම නිව් මෙක්සිකෝව, නිව් ඇමෙරිකාව ලෙස නම් කළ යුතු බවද ජනපති ට්‍රම්ප් පවසා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd