
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නත්තන්ඩිය නගරයෙන් කුලි ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථ රියදුරුකුගෙ ගෙලට ලණූවක් දමා සිරකර පිහියෙන් ඇණ රථය සොරා ගත් දෙදෙනකු ගම්වාසින් අල්ලා බාර දුන් බව ඇති බව මාරවිල මූලස්ථාන පොලිසිය කියයි.
නාත්තන්ඩිය නගරයෙ ත්‍රිරෝද රථයකට නැගුන දෙදෙනකු නගරයෙ සිට කිලෝ මිටර් 4 කට ආසන්න දුරකින් වු පුද්ගලික කර්මාන්ත ශාලාවකට යන බව පවසා කර්මාන්ත ශාලාව පෙනෙන දුරකදි එකවර ත්‍රීරෝද රථ රියදුරාගේ ගෙල සිරවෙන ආකාරයෙන් ලණුවකින් සිරකර ඇති බවත් අනෙක් සොරා ගෙල ප්‍රදේශයට පිහියකින් ඇණ තිබේ.
කෙසේ හෝ උපායශීලි ලෙස ත්‍රි රෝද රථ රියදුරා එකවර ගමන් කරමින් තිබු ත්‍රි රෝද රථය දමා පැන ඇත්තේ ගෙලට එල්ල වු පිහිපහරින් ලේ වහනය වෙමින් තිබියදී බව පොලිසිය කියයි.
ත්‍රිරෝද රථ රියදුරා රථය අතහැර පැන දුවද්දි සොරුන් ත්‍රිරෝද රථය සොරා ගෙන පලා යමින් සිටියදි ලේ ගලමින් මාර්ගයෙ දිව යමින් සිටි රියදුරු ඒ අසලින් ගමන් කල යතුරු පැදියක තරුණයින්ට මේ බව පවසා ඇති බව කියයි.
යතුරු පැදියෙ ගමන් කළ තරුණයන් සොරා ගෙන යමින් තිබු ත්‍රිරෝද රථය ලුහු බැද ඇති බව කියයි.
ඒ සමගම ත්‍රිරෝද රථයෙ ඉන්ධන අවසන් වීමත් සමග එය නවතා දැමු සොරුන් ඒ අසල වු නිවසක තිබු යතුරු පැදියක් පන ගන්වා එය සොරකම් කර යාමට උත්සහ කර ඇති බවත් එය දුටු මවක් දිව විත් යතුරු පැදියෙ එල්ලි ඇති බව කියයි.
කොල්ලකරුවන මවට පහර දී ඇයටද පිහි පහරක් එල්ල කර ඇතත් එය නුලෙන් බේරි ඇති අතර මෙම සොරුන් ලුහු බදිමින් සිටි තරුණයන් එකවර එම ස්ථානයට කඩා වැදිමත් සමග එක් සොරුන් දිව යන්නට වු බවත් පසුව එක් කොල්ලකරුවකු අල්ලා ගෙන ඇති බව කියයි.
අසල නිවෙසේ සැගවි සිටි සොරා නිවැසියන් දැක පොලිසියට බාර දීමට කටයුතු කර තිබු බවද කියයි.
ගම්වැසියන්ගේ පහර කෑමට ලක්වු සොරා බරපතල තත්වයෙ පසුවිමත් සමග මාරවිල රෝහලින් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවිමට කටයුතු කර තිබුනී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුටි කාපු අයනම් ආයෙත් හොරකම් කරන්න එන එකක් නැහැ.
අන්න ඔය නිසයි ත්‍රිරෝද වලට ලීටර් පහක් විතරක් දෙන්නේ.
ඔන්න හොරකම් කරන අයට ලැබෙන දිට්ටධම්මවේදනීය කර්ම විපාක. හොරකම් කරන අය මේවා දැකගන්න. අපයේදී මේවගේ නෙමෙයි.
හොරුන්ට හිතවත් පොලොස් කොට්ටෝරුවො හිටියොත් හොරුන්ට කියාවි මානව හිමිකම් එකට යන්න කියලා
පස්සේ ඇප මත නිදහස් කරයි.හොරා ආයෙමත් හොරකම් කරයි.ඒක තමයි චක්‍රය