
(ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළිය අධ්‍යාපන කොට්ඨාසයට අයත් තලවකැලේ, කොටගල ප්‍රදේශයේ වතු පාසලක සිසු සිසුවියන් 11 කු හදිසි රෝගී තත්ත්වයක් මතුවීම හේතුවෙන් කොටගල ප්‍රාදේශීය රෝහලට අද (11) ඇතුලත් කර ඇත.
උණ හා සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් මෙම පාසල් සිසුන් රෝහලට ඇතුලත් කොට ඇති බවත්, සිසුන් පස් දෙනකු සහ සිසුවියන් හය දෙදෙනකු රෝහලට ඇතුලත් කොට ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කේ. සුදර්ශන් මහතා පැවැසීය.
සාමාන්‍ය රෝගී තත්ත්වයෙන් පසුවන මෙම සිසු සිසුවියන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, මේ පිළිබඳව සෞඛ්‍ය අංශ අවධානය යොමු කොට ඇති බවද සුදර්ශන් මහතා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd