(සුජිත් හේවාජුලිගේ සහ  නිමන්ති රණසිංහ )

මෝදර කජිමාවත්තේ නිවාස ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්  පරීක්ෂණ පැවැත්වූ කමිටුවේ වාර්තාව එම කමිටු සාමාජිකයන් විසින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට  බාරදෙනු ලැබීය.

එම වාර්තාව පදනම් කරගෙන රජය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

ගින්න ඇති වීමට හේතුව සොයා බැලීමට සහ ගින්නෙන් නිවාස අහිමි වූ ජනතාවට සහන සැලසීමට  අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අගමැතිවරයා විසින් මෙම කමිටුව පසුගියදා  පත් කරනු ලැබීය.

මේ අවස්ථාවට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ සහ  කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න යන මහත්වරුද සහභාගී වූහ.