(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් කෝටි 5 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ කේරළ ගංජා සමඟ පුද්ගලයකු රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 618 ක් සහ කේරළ ගංජා කිලෝ දෙකයි 2 ගෑම් 170 පොලිස් භාරයට ගෙන ඇත.

34 වියේ පසුවන සැකකරු රාජගිරිය පදිංචිකරුවෙකි.

සැකකරු අද අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.