(ඉන්දිකා රාමනායක)

විවිධ ත්‍යාග ලබාදෙන බවට පවසා සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන් රවටා ඔවුන්ගෙන් රුපියල් එක්කෝටි දහසය ලකෂයකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අංගොඩ හිඹුටාන ප්‍රදේශයේ පදිංචි (30) පුද්ගලයෙකි.

මුදල් විශුද්ධිකරණය, සාවද්‍ය පරිහරණය, අපරාදි විශ්වාසය කඩ කිරීම කරුණු යටතේ විමර්ශනය සිදු කර නිති විරෝධී වත්කම් කොට්ඨාසය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.