(සුජිත් හේවාජුලිගේ )
දරුවන් පිරිසක් උද්ඝෝෂණවලට රැගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් අරඹා ඇත.
සිද්ධීන් සම්බන්ධයෙන් ලැබුණු දෙකක් පැමිණිලි පදනම් කරගෙන ඒ විමර්ශනය ආරම්භ කළ බව අධිකාරියේ සභාපති මහාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා පැවසීය.
සිද්ධිය පිළිබඳව පුළුල් ලෙස කරුණු සොයා බලන බව පැවසූ සභාපතිවරයා මවුපියන් අතින් වරදක් වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.
මේ පැමිණිලි ඉදිරිපත්ව ඇත්තේ කොළඹ ගාලු මුවදොර පැවති උද්ඝෝෂණයකට දරුවන් රැගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්ටාලියා ආයෙමත් වර්ජනයක් දියත්කරාවි උන්දැලගෙ සැලසුම් අඩාල කලා කියලා
මෙය ඉතාම පැහැදිලියි , හිතා මතාම පොලීසිය අමාරුවේ දාන්න කරපු තිරිසන් වැඩක් . ළමයට අනතුරක් වුනානම් පොලීසිය වැරදියි . කදුළු ගෑස් ගැහුවානම් ළමයට මොනා වෙයිද ? හිතක් පපුවක් නැති , දෙමව්පියෝ . මරියකඩේ නෝනලා තමයි එය සාදාරනයි කියන්නේ . අරගලය පටන් ගත්තේ නිර්පාක්ෂිකව , එයට හැමදෙනාම සහභාගී නොවුනත් හිතින් සුබපැතුවා . දැන් තමන්ගේ ළමය හරි බිල්ලට දීල බලය අල්ලන ත්‍රස්තයෝ එලියට බැහැල .
දරුවන්ට කන්න දෙන්න බැරිව ඉන්න එක ,පාසල් පොත් අරන් දෙන්න බැරිව ඉන්න එක ගැන ඔය කාර්යංශයට වගකීමක් නැද්ද?
මහාචාර්ය උදයකුමාර මීට වඩා ළමයින්ගේ ආරක්ෂාව ගැන කරන්න බොහෝ දේවල් තියෙන බව දන්නේ නැතුව ඇති. කුඹුරට යන කොට ගොයම් කපන්න යන කොට එහෙමත් ළමයි අරගෙන යනවා. මොකද ළමය බලා ගන්න කෙනෙක් නැති නිසා.
මෙවැනි දේ සඳහා ගෙවීම් කර ඇත්නම් එම කණ්ඩායම් ගැනද හෙළි කරාවි යැයි බලාපොරොත්තු වෙමු.
බඩු මිලට පරීක්ෂාවක් නැද්ද.බඩගින්න සඳහා
කාර්යංශයේ අය ආණ්ඩුවට කඩේ යනවා
ඒ මිනිස්සු එතැනට හිටියේ සාමකාමී උද්ඝෝෂණයක නිරතවෙමින්, පොලිසියෙන් තමයි එතැනට කඩාපැනලා දඩ බල්ලන් වගේ, පහරදෙන්න පටන් ගත්තේ... පරීක්ෂණ කළ යුත්තේ රනිල්ගේ අසමජ්ජාති පොලිසියට එරෙහිවයි..
සාමකාමී උද්ඝෝෂණයට පහරදීපු අය ගැන හොයන්නේ නැතිව, උද්ඝෝෂණයට ඇවිල්ලා හිටපු උදවිය ගැන පරීක්ෂණ කරන එක හරියට ස්ත්‍රී දූෂකයාව නිදහස් කරලා ස්ත්‍රිය ගැන පරීක්ෂණ කරනවා වගේ වැඩක්..!
තවත් කැකිල්ලේ රජ්ජුරුවන්ගේ වගේ තීන්දුවක්...
මොකක්ද මේ විහිලුව? දරුවන් සමග අම්මලා ගෝල්ෆේස් ගියේ අරගලය තුළදී මැරුණු අය සිහිකරන්න. එය විරෝධතාවක් නොවේ...
ඔය පැමිණිලි දෙක කරේ කවුද? බොහෝවිට ඔය සාමකාමී උද්ඝෝෂණයට පහරදෙන්න අණදීපු, උපදෙස් දීපු අයම තමයි ඔය පැමිණිල්ලත් කරන්න ඇත්තේ...!
මළසමයං... උද්ඝෝෂණ වලට ළමයි උස්සන් ගියේ කොයි කාලෙද? මොන රටේද? නිකම් බූරු කතා නොකියා ඉන්නවා නම් හොඳයි. අරගල කියලා පටන් ගත්තාට එයින් කිසිම වාසික් වුණාද? හොරු, තක්කඩි, කඩාකප්පල් කාරයින්, බිහිවුණා වගේම හිටපු ත්‍රස්තයින් ආයෙත් ෆෝම්වුණා ඇරෙන්න. නිකන් මැරුණු අය සිහිකරන්න ගෝල්ෆේස් යන්න ඕනෑ නැහැනේ... ගෙදර ඉඳන් පිනක් කරන එකනේ හරි..!.
මිය ගිය අය අරගලයක්ද?
අනේ මහාචාර්යතුමා ඔය මොලේ පරීක්ෂාවක් කළොත් හොඳයි... රටේ ඇතිවී තිබෙන ආහාර හිඟය, ආදායම් කඩා වැටීම, මුදල් නැතිකම වැනි ඛේදනීය තත්වයන් නිසා නුදුරේදීම දෙමාපියන්ට, දරුවන්ට ඉතා ශෝචනීය ඉරණමකට මුහුණ දෙන්න වෙනවා. එතකොට ඔබතුමා සුසාන භූමියට එන්න අවසන් කටයුතුවලට...
තම දේශපාලන මතවාද වෙනුවෙන්, දරුවන් යොදා ගන්න මේ මෝඩ ගැහැණු සහ මිනිසුන් අච්චු කළ යුතුයි...
අදහස් පලකොට තියෙන ලුම්බිණිට කියන්නේ සිදුහත් කුමාරයා කුඩාම කාලයේ වප් මගුලක් සඳහා එක්ක ගියේ බලාගන්න කෙනෙක් නැතුවද? ඕකට තමයි කියන්නේ කන්න ඕනෑ වුණාම කබරගොයා තලගොයා වෙනවා කියලා... සසිරිබර මෙසිරිලක සමහරක් මව්පියන් ඉන්නවා... තමන්ගේ අත දරුවෝ හිඟන්නන්ට කුලියට දීලා මුදල් සෙවීම් කරන... මෙතැනත් එහෙම කුලියට අරගෙන ගියපු පිරිසක් ඉන්න ඇති... ඒ ගැන පොලිසියේ අවධානයට යොමුවේවා. එහෙම නැති සැබෑ අම්මෙක් අප්පෙක් කිසිදාක මෙහෙම තැනකට තමන්ගේම දරුවෙක් ගෙනයන්නේම නැහැ..
දරුවන් ගැන තියෙන කැක්කුම දැක්කම මට හිතා ගන්න බැහැ මෙගොල්ලන්ට තෙරෙන්නෙ නැද්ද කියල විරොධතා අරගලයට මෙ මිනිස්සු සහ අනිත් සියලුදෙනා පාරට ආවෙ අව්ව තපින්න නෙමෙයි නේද කියල. . .ප්‍රබාකරන් කිව්ව දේ ඔප්පු කරන මෙ සම්පලේ දැක්කම . . අයියෝ මෙ රටට මෙහෙම වෙන එක පුදුමයක් ද කියල හිතෙනව.. තව ටික දවස ගියාම කියයි රාජපක්සල හොරකම් කලේ නැහැ හරි අහිංසකයි. . ආර්ථිකයට කෙල වුනේ රුසියාව යුක්රේනයට ගහන නිා කියල. . පුදුම බයියො ටිකක්..
පහුගිය කාලේ දේශපාලකයෝ දේශපාලන රැස්වීම්වල ළමයි උස්සනකොට මුන් බුදි. පොඩි හාමුදුරුවන් පාරේ පොහොට්ටුවට සපෝට් කරන්න බලෙන් ඇවිදවනකොට මුන් බුදි. මෑණියන්ට ර...ම.. na ය කරපන්