
(කාංචන කුමාර ආරියදාස සහ ඉන්දික අරුණ කුමාර )
මාතලේ ලෙනදොර කිරුලැස්ස ශ්‍රී පුෂ්පාරාම විහාරයේ පැවැති වෙන්දේසියකදි මල් වට්ටියකට රුපියල් ලක්ෂ 11ක් ලැබීමේ පුවතක් ලෙනදොරින් වාර්තා වෙයි.
දඹුල්ල කිරලැස්ස පුෂ්පාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාවකට ආධාර ලබා ගැනීම සඳහා එහි තරුණ බෞද්ධ සමිතිය නාට්‍ය හා සල්පිල සංවිධානය කළේය.
අලංකාරව සූදානම් කර තිබූ මල් වට්ටිය පැය හතරක පමණ කාලයක් එකිනෙකා අතරේ විවිධ මිල ගණන් යටතේ විරිඳු ගායන ශිල්පියා පිරිස දැඩි උනන්දුවක් කරවන්නට වූ අතර පැමිණ සිටි අති විශාල ජනතාව අතරේ කණ්ඩායම් බෙදී මල් වට්ටියට ලංසු තැබූහ
පැය හතරක් පමණ ගතවෙද්දී මල් වට්ටියට රුපියල් දස ලක්ෂයක ආධාර ලැබී තිබූණි.
දසලක්ෂ පනස් දහසක මුදලකට ප්‍රදේශයේ පදිංචි අයියා මලෝ තිදෙනකු වන ප්‍රයන්ත බණ්ඩාර, ශාන්ත බණ්ඩාර සහ පද්ම නිමල් බණ්ඩාර යන තිදෙනා අවසන් ලංසුව තැබූ අතර තවත් 50,000ක් එකතු කර රුපියල් ලක්ෂ 11කට එම මල්වට්ටිය මිලග ගත්හ.
මේ අතර ලෙලි සහිත ගෙඩි 4000 කට ආසන්න පොල් තොරණ වෙන්දේසි කරන්නට සැලසුම් කොට තිබිණි. අලුයම් කාලය වන විට එම පොල් තොරන රුපියල් දෙලක්ෂ දස දහසක මුදලකට වෙන්දෙසියේ අලෙවි විය.
මෙම මල්වට්ටි වෙන්දේසියේදී මුලින් ලංසුව තබන පුද්ගලයා මුළු මුදලම ගෙවිය යුතු අතර එතැන් සිට ලංසුව තබන සෑම පුද්ගයකුම පියවරෙන් පියවරට අවසන් ලංසුව හැර ඉතිරි මුදල ගෙවිය යුතුය. ඒ අනුව පැය හතරක් ගතවෙද්දී මල්වට්ටිය මල්වට්ටියට රුපියල් 10,50,000 ලැබී තිබූ අතර මල්වට්ටිය ලබාගත් සහෝදරයන් තිදෙනා වැඩිපුර 50,000ක මුදලක් ගෙවා මල්වට්ටිය හිමිකරගෙන බුදුන් උදෙසා පූජා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල් වට්ටියක්... වෙන්දේසියක්... පන්සලේ ලොකු පින්කමක්... බුදු හිමියනේ..! ඔබ පුදන්නට ගමේ දෙපිලක තරගයක්... තරග ඇතිමුත් ලොවේ දස අත තරග කුමටද බුදුන් පිදුමට... සතර රියනක තනිව සැතපෙන දා තරගයද කෙළවරක් වේ..
පෘථග්ජනයින්... මේ ගොල්ලන් ලේබල් බෞද්ධයින්... බුදුදහමට නින්දා කරනවා.
ආනන්ද හරක් රැළක් දුටුවාද?
මේවා ප්‍රසිද්ධියට කරන වැඩ. නැතිනම් පන්සලට නිකන් සල්ලි දුන්නොත් කවුරුත් දන්නේ නැහැනේ... ඒකයි...!
සාදු සාදු සාදු! දායක වූ සැමට සෙත් වේවා. ඉදිවන ධර්ම ශාලාව බොහෝ දෙනාට සසරින් එතෙර වනු පිණිස හේතු වන ධර්ම මණ්ඩපයක් වේවා...!
ඉදිරි කාලයේදී මේ පන්සල් වෙන්දේසි කරයිද දන්නේ නැහැ...? ඉන්දුනීසියාවේ බුදුදහමට වුණුදේ වෙනකම්ම...!
මේ ටික කාලයේ පත්තරවල පන්සල් ගැන ප්‍රසිද්ධ වෙච්චි දේවල් කියෙව්ව අපට සාර ධර්මය ගැන හරියට කලකිරුණා! නායක හාමුදුරුවරු ඝාතනය කරලා වාහන විකුණනවා... කෝටිපති ව්‍යාපාරික 34 තට්ටුවේ මුදල් ගනුදෙනු... දැන් මේ පන්සලේ මල් වට්ටියේ වෙන්දේසිය ඉදිරියට අහන්න ලැබෙයිද දන්නේ නැහැ..?
පැරදුන අයගේ මුදල් පන්සලට දීලා නැද්ද
මෙතන ශ්‍රද්ධාවක් නෑ .මන්නයක් තියෙන්නේ. ඔය හැමෝම එකතුවෙලා ඔය මුදල පන්සලේ වැඩකට පරිත්‍යාග කලානම් මොකද .තරඟයක් නොතියා අපි මේ තරම් වටිනා ගැඹුරු දහමක් කොතෙන්ටද ගෙනියන්නේ
ගැඹුරු දර්ශනයක් ගොබ්බයින් තේරුම් ගන්නේ මේ ආකාරයෙන් තමයි. මෙහි ඇති කමෙන්ටුවක් මාද නැවත මෙහිම පළ කරමි. '' ආනන්ද හරක් රැළක් දුටුවාද "
හිතාගන්න පුලුවන්නේ මේ රටේ ඉන්න මිනිස්සු හරිම වෙනස් කියලා… රටට මෙහෙම නොවී කොහොම වෙන්නද තවත්?