(විමුක්ති එස් රුද්‍රිගු)
දිනෙන් දින උග්‍ර වන ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 54 කට දැඩි ණය සහන අවශ්‍යව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අද (11) නිකුත් කළ නවතම වාර්තාව පෙන්වා දුන්නේය.
ලෝකයේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවගෙන් හරි අඩක් මෙම රටවල් 54 තුළ ජීවත් වන බව එම වාර් තාවේ දැක්වේ.ඉක්මන් ණය සහන නොලැබුණහොත් එම රටවල දරිද්‍රතාවය තවත් උග්‍ර විය හැකි බව එම වාර්තාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකාව සහ පකිස්තානයේ සිට චැඩ්, ඉතියෝපියාව සහ සැම්බියාව දක්වා රටවල් දැඩි ණය අර් බුදයකින් පීඩා විඳින බව එම වාර් තාව පෙන්වා දෙයි.
ඇති වී තිබෙන ගෝලීය අර් බුද හමුවේ එම රටවලට සහනයක් ලබා දීම සඳහා එම රටවල් ගිවිසුම් ගත වී ඇති බැඳුම්කර ගිවිසුම් සඳහා විශේෂ වගන්ති එකතු කිරීම, ණය කපා හැරීම සහ පුළුල් සහන ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවර් ධන වැඩසටහනේ පරිපාලක ඒචිම් ස්ටයිනර් මහතා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය. මෙම රටවල ණය අර් බුද කළමනාකරණය කිරීම අපහසු වීමට පෙර එයට විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බව ඔහු පැවසුවේය.
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෝලීය අර්බුද හමුවේ ලංකාවට සහන අවශ්‍යයි