(යොහාන් භාසුර)

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන හෙට (13) සිට වෙනස් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම වෙනස් කිරීමට අනුව මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රිය හෙට සිට මිනිත්තු 10 ක් කලින් ධාවනය කරන බව ද එම නිලධාරියා කීය.