කොවිඩ් ආසාදිතයින අඩුවෙයි අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව දහයක් දක්වා අඩුවී ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසීය. 04 November 2022
ශ්‍රී ලංකා ’’ඩි’’ දක්වා පහතට ශ්‍රී ලංකාව ඉකුත් සැප්තැම්බර් මස 14 සහ 28 බැඳුම්කර සඳහා ගෙවීමට තිබූ පොලී මුදල් වාරික දෙකක් ගෙවීම අතපසු කිරීමත් සමග ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් සමාගම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර ශ්‍රේණිගත කිරීම ’’ඩී’’ දක්වා පහත දමා තිබේ. 04 November 2022
දුම්රිය ප්‍රමාදයට හේතුව මාර්ග අබලන් වීමයි වෙරළබඩ සහ ප්‍රධාන මාර්ගවල මේ දිනවල පවතින දුම්රිය ප්‍රමාදයට හේතුව දුම්රිය මාර්ගය අබලන්වීම නිසා දුම්රිය වේග සීමා පැනවීම බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 04 November 2022
ඇෆ්ඝනිස්ථානයට ලකුණු 169 ක අභියෝගයක් ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ඇඩිලේඞ් නුවරදී අද (04 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 168 ක් ලබාගත්තේය. 04 November 2022
වඳුරු උණ රෝගියා සුව අතට වඳුරු උණ හෙවත් මන්කි පොක්ස් වැළඳි ඇති බව තහවරු වූ රෝගියා අංගොඩ අයි.ඩී.එච්. රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාල ලබන බවත් ඔහුගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවත් එම රෝහල් ආරංචි මාර්ග කියයි. 04 November 2022
මෛත්‍රීට කොවිඩ් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. 04 November 2022
බිත්තර 5ක් වැඩි මිලට වික්කාට ලක්ෂයක දඩයක් බිත්තර පහක් වැඩි මිලට වික්ක වීරකැටියේ වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර ඇත. 04 November 2022
රත්මලාන දුම්රිය වෘත්තිය සමිති දැඩි තීරණයක දුම්රිය දෙපාර්තමේන්තුවේ වරස 10 කට ආසන්න කාලයක් සනීපාරක්ෂක කම්කරුවන් ලෙස කටයුතු කළ සේවකයන් 27 දෙනෙකු ස්ථිර නොකිරීමට විරෝධය දක්වමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිත බව රත්මලාන දුම්රිය සේවා වෘත්තිය සමිති එක්සත් පෙරමුණේ ලේකම් එම්. ජී. එන්. තුෂාර මහතා පැවසීය. 04 November 2022
අයවැය තේ පාටිය නැවැත්වීමට ජනපති නියෝග අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් සඳහා සාම්ප්‍රදායිකව ලබා දෙන තේ පැන් සංග්‍රහය මෙවර නොපවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට උපදෙස්දී ඇත. 04 November 2022
2024 දක්වා ගෑස් ප්‍රශ්නයක් නෑ 2024 වසරේ අප්‍රේල් මස දක්වා රට තුළ ගෑස් ප්‍රශ්නයක් නොවන බවට සහතික වන බවත් ලෝක බැංකුවේ ණය මුදල අවසන් වුවද ගෑස් සඳහා ඩොලර් සොයාගැනීමේ හැකියාව තමන් ඇතුළු කණ්ඩායමට ඇති බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පැවසීය. 04 November 2022
අයර්ලන්තයට ලකුණු 186 ක අභියෝගයක් අයර්ලන්තයට එරෙහිව ඇඩිලේඞ් නුවරදී අද (04 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 185 ක් ලබාගත්තේය. 04 November 2022
මත්පැන් බීම ලෙල්ලටම බැහැලා මත්පැන් පරිභෝජනය කරන රටවල් අතර ශ්‍රී ලංකාව 79 වැනි ස්ථානය දක්වා පහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. 04 November 2022
ජනකී සිරිවර්ධන සී.අයි.ඩී අත්අඩංගුවට තිළිණි ප්‍රියමාලි ගේ මුදල් වංචාවට සම්බන්ධ බවට සොයමින් සිටි ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 04 November 2022
ගංවතුර පාලන වැඩවලට QR ක්‍රමවේදයෙන් පිට ඉන්ධන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනමින් ඇළවේලි ශුද්ධ පවිත්‍ර කිරීමට QR ක්‍රමවේදයෙන් පිට ඉන්ධන ලබාදීමට තීරණය කර තිබෙි. 04 November 2022
බොරතෙල් මිල චුට්ටක් ඉහළට ලෝක බොරතෙල් වෙළඳපොලේ පෙර දිනට සාපේක්ෂව අද(04) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.56 වන විට බොරතෙල් බැරලයක මිල සුළු වශයෙන් ඉහළ ගියේය. 04 November 2022
මන්ද පෝෂණය ගැන කී වෛද්‍යවරයාගේ වැඩ තහනම් කරලා හම්බන්තොට ප්‍රදේශ කීපයක මන්ද පෝෂණ තත්ත්වය සියයට 80 දක්වා ඉහළ ගොස් ඇති බවට සමීක්ෂණයකින් හෙළි කර ගත් හමිබන්තොට දිස්ත්‍රික් හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ජි.ජී.චමල් සංජීව මහතා පවසයි. 04 November 2022
ණයට අනුමැතියත් ලබන වසරට කල්යයි ශ්‍රී ලංකාවට ණය මුදල සඳහා අනුමැතිය ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලබන වසරේ මාර්තු මස පැවැත්වෙන මීළඟ විධායක කමිටුවේ රැස්වීම තෙක් සිටීමට සිදුවනු ඇති බවත් එතෙක් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 850 ක කෙටි කාලීන මූල්‍ය පහසුකමක් අවශ්‍ය වන බවත් එය ලබා දෙන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නයක් බවත් හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසයි. 04 November 2022
සේවක සාදයට පාර්ලිමේන්තු බස් යොදා ගැනීම ගැන පරීක්ෂණයක් සේවක සුහද හමුව සඳහා පාර්ලිමේන්තුවේ බස්රථ යොදා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ නියමයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භවී ඇත. 04 November 2022
පුටින් එනවා නම් මං එන්නේ නෑ ඉන්දුනීසියාවේ පැවැත්වීමට නියමිත ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙන්නැයි තමන්ට ඇරැයුම් ලැබී ඇති නමුත්, රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් සමුළුවට සහභාගී වන්නේ නම්, තමන් ඊට සහභාගී නොවන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා තිබේ. 04 November 2022
ජනතාව ගැන සංවේදී නැති පාලකයන්ට ඡන්දය දෙන්න එපා රටේ ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් සංවේදී නොවන දේශපාලකයන්ට ඡන්දය ලබාදෙන්න එපා යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 04 November 2022
යෝධ ග්රහකයක් පෘථිවිය අසලින් යනවා අඩි 100 ක විෂ්කම්බයකින් යුත් යෝධ ග්රහකයක්, අද (4) පෘථිවිය අසලින් යෑමට නියමිත බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. 04 November 2022
අලි මංකඩවල පදිංචිකරුවන් ඉවතට අලිමංකඩවල පදිංචි ජනතාව එම ස්ථාන වලින් ඉවත් කොට ඔවුන්ට පදිංචි වීමට හා වගාවට වෙනත් විකල්ප සුදුසු ස්ථාන සොයා බලන ලෙස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නාය. 04 November 2022
අයර්ලන්තයට ලකුණු 186 ක අභියෝගයක් අයර්ලන්තයට එරෙහිව ඇඩිලේඞ් නුවරදී අද (04 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 185 ක් ලබාගත්තේය 04 November 2022
මාව මරන්න හදන්නේ අගමැති ෂෙහ්බාස් ෂරීෆ් තමා ඝාතනය කිරීමට උත්සාහ ගන්නේ වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ඇතුළු තවත් පුද්ගලයන් දෙදෙනකු යැයි පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් චෝදනා නගයි. 04 November 2022
දිල්ලියේ වාතය විෂවෙලා ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය, අනතුරුදායක මට්ටමත් පසු කරමින් ඉහළ ගොස් ඇතැයි ප්‍රාන්ත බලධාරීහු අනතුරු අඟවති. වාතය දූෂණය වී, එය විෂ වන්නේ, වායු දූෂක සංඝටක පී.එම්. 2.5 ක අගයක් ඇති විටය. 04 November 2022
සංචාරයට හොඳම රට ලංකාව මාධ්‍ය මගින් පෙන්වන තරම් අයහපත් වාතාවරණයක් ශ්‍රී ලංකාවේ නොමැති බැවින් ලෝකයේ පවතින තත්වය අනුව සංචාරය කලයුතු පළමු රට ශ්‍රී ලංකාව බව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී දැනුම් දී ඇත. 04 November 2022
ටයිල්වලට එරෙහි ගැසට්ටුවට මුදල් කමිටුව පස්ස ගහයි ටයිල් සහ නානකාමර උපාංග ආනයනය තාවකාලිකව අත්හිටුවීමට අදාල ගැසට් නිවේදනයට අනුමැතිය ලබාදීමට පෙර ඒ ගැන තවදුරටත් විශ්ලේෂණයක් කිරීමට රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත. 04 November 2022
ලිට්රෝ ගෑස් මිල ඉරිදා සංශෝධනය වෙයි ලිට්රෝ ගෑස් මිල සංශෝධනය ලබන ඉරිදා (6) පෙරවරුවේ ප්‍රකාශ කරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා (4) පැවසීය. 04 November 2022
ගුරු බැතියෙන් අමර සමර... කොළඹ පෞද්ගලික මල් ශාලාවක පුරා වසර 6ක් තිස්සේ තැන්පත් කර තිබූ, හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය, පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන්ගේ භෂ්මාවශේෂ බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ ඉදිකළ සුසාන ඝරයක තැන්පත් කිරීම අමරදේව පදනම මගින් සිදුකෙරිණි. 04 November 2022
සංචාරක වීසාවලින් රට රැකියාවලට යෑම තහනම් ඕමානයේ සහ එක්සත් අරාබි එමිර් රාජයයේ පුහුණු සහ නුපුහුණු රැකියා සඳහා සංචාරක වීසා මත පිටත්ව යෑම විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ නියෝගයක් අනුව තහනම් කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 04 November 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026