
(ඩයනා උදයංගනී සහ ශාන්ත රත්නායක)
මාධ්‍ය මගින් පෙන්වන තරම් අයහපත් වාතාවරණයක් ශ්‍රී ලංකාවේ නොමැති බැවින් ලෝකයේ පවතින තත්වය අනුව සංචාරය කලයුතු පළමු රට ශ්‍රී ලංකාව බව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී දැනුම් දී ඇත.
ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ ඉන්දියාවේ සහ නේපාලයේ මාධ්‍ය නියෝජිතයින් කණ්ඩායමක් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කළේ යැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය කඩිනමින් ප්‍රකෘතිමත් කිරීමට සිය මාධ්‍ය හරහා පූර්ණ සහයෝගය ලබාදෙන බව ද ඔවුන් සඳහන් කර ඇත.
ආර්ථික අභියෝගවලට මුහුණ දෙමින් කෙටි කාලයක් තුළ ඉක්මනින් යථා තත්ත්වයට පත්වීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර පිළිබඳව ඉන්දියාවේ සහ නේපාලයේ මාධ්‍ය නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රසාදය පළ කර ඇත.
ශ්‍රී ලංකාවට නොපැමිණෙන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සිදු වූ ප්‍රචාරයන් පිළිබඳව සළකා බැලීමේදී සම්පූර්ණයෙන්ම සාමාන්‍ය හා කරදරයකින් තොරව රටේ ඕනෑම ප්‍රදේශයකට ගමන් කිරීමට හැකි වීම සම්බන්ධයෙන් තමන් පුදුමයට පත් වූ බව ඔවුන් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේවට කොහෙන් හිනාවෙන්නද කියලා...!
රටේ වරදක් නම් නෑ.. පාලකයන්ගේ වරදක් තමයි තියෙන්නේ...!
සරම ඇඳගෙනද දන්නේ නැහැ මේක කිවුවේ
තම තමන්වම වර්ණනා කරගැනීම මරලතෝනි දිනේෂ් ගේ ජන්ම පුරුද්දක්
ලෝකයේ වෙනත් නොදැකපු අයට කියන්න හොඳයි ඔය කතාව... ස්වජාතිකයින්ටවත් ඉන්න බැරි රටක්... සංචාරකයින්ට හොඳ වෙන්නේ කොහොමද කියලයි මම මේ කල්පනා කළේ... මේ රටේ එක්කෙනෙකුට අහු වුණොත් එහෙම ඉතින් ඉහ මොළ ඉඳලාම සූරා කාලා තමයි පස්ස බලන්නේ. කුණු හා ජරාවට පෙරේත කාක්කොයි, මේ රටේ මිනිස්සුයි අතර කිසි වෙනසක් නැහැ...!