
(යොහාන් භාසුර)
ඕමානයේ සහ එක්සත් අරාබි එමිර් රාජයයේ පුහුණු සහ නුපුහුණු රැකියා සඳහා සංචාරක වීසා මත පිටත්ව යෑම විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ නියෝගයක් අනුව තහනම් කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා යොමු වී විවිධ හිරිහැරයන්ට පත්වු කාන්තාවන් පිළිබඳව කාර්යාංශයට තොරතුරු වාර්තා වී ඇති බවත් එසේ විදේශ ගතවූවන් මුහුණ පෑ විවිධ හිංසනයන් පිළිබඳව දිගින් දිගටම ජනමාධ්‍යය මගින් තොරතුරු ප්‍රචාරණය වන බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
විදේශ රැකියා සඳහා යොමුවන සියළුම ශ්‍රී ලාංකිකයින් සඳහා නීත්‍යානුකූල මාර්ගයෙන් විදේශ ගතවීමේ වැදගත්කම පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කර ඇති බව ද එම කාර්යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තීරණය ගන්න මෙතරම් ප්‍රමාද වුනේ ඇයි? අපේ රටේ තරුණ තරුණියන් දහස් ගාණක් ජාවාරම් කාරයින්ට රැවටී මැද පෙරදිග රටවලට පැමිණ අතරමං වී සිටිනවා. සමහරු ඉන්න තැනක් නැතිව උද්‍යානවල එළිමහනේ නිදාගන්නවා. කන්න බොන්න නැතුව ආපහු ලංකාවට යාගන්න විදිහක් නැතුව මෙහෙ අපාදුක් විඳිනවා...!
වීසා ඇතුව හෝ නැතුව ,ජොබ් ඇතුව හෝ නැතුව මෙහෙන් පලයල්ලා .මේක එන්න එන්නම වලට යන්නේ .ගිය මාස 6 ට විතරක් අවුරුද්දකට විතර ණයම අරගෙන