(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ටයිල් සහ නානකාමර උපාංග ආනයනය තාවකාලිකව අත්හිටුවීමට අදාල ගැසට් නිවේදනයට අනුමැතිය ලබාදීමට පෙර ඒ ගැන තවදුරටත් විශ්ලේෂණයක් කිරීමට රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර  ඇත.

මෙම ගැසට්ටුවට අනුමැතිය  දීමෙන් පාරිභෝගිකයාට අසාධාරණයක් සිදුවන්නේදැයි සොයා බැලිය යුතු බව එම කාරක සභාව පවසයි.

කාරක සභාව මෙම තීරණය ගෙන ඇත්තේ  1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සඳහන් 2296/30 ගැසට් පත්‍රය සාකච්ඡාවට ගත් අවස්ථාවේදීය

මෙම ගැසට් පත්‍රයෙන්  උක්කුටික පෝච්චි  සහ සින්ක් ඇතුළු නාන කාමර උපකරණ ආනයනය තාවකාලිකව අත්හිටුවීමත් ටයිල් ආනයනය තහනම් කිරීමත් යෝජනා කර  ඇත