(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට ණය මුදල සඳහා අනුමැතිය ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලබන වසරේ මාර්තු මස පැවැත්වෙන මීළඟ විධායක කමිටුවේ රැස්වීම තෙක් සිටීමට සිදුවනු ඇති බවත් එතෙක් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 850 ක කෙටි කාලීන මූල්‍ය පහසුකමක් අවශ්‍ය වන බවත් එය ලබා දෙන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නයක් බවත් හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසයි.
එම මුදල සොයාගැනීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකාව නැවත වරක් දේශපාලන අර්බුදයකට ගමන් කරනු ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වූ දෙසැම්බර් කාල සීමාව ශ්‍රී ලංකාවට මඟ හැරීමට ඉඩ තිබෙන බවත් අනුමැතිය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට එළඹෙන වසරේ මාර්තු මස තෙක් බොහෝ දුරට බලා සිටීමට සිදුවනු ඇති බවත් වොෂින්ටනයේ මුල්‍ය විශ්ලේෂකයින් පෙන්වා දී ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
ශ්‍රී ලංකාව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා චීනය තවමත් සාර්ථකව ආරම්භ කර නොමැති වීම හේතුවෙන් මෙම කාල සීමාව මඟ හැරෙනු ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්වි පාර්ශ්වික ණය හිමියෙක් වන චීනය තම ‘කොමියුනිස්ට්’ පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රස් සමුළුව වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකර තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාව සමග ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් ඵලදායි සංවාදයක් තවමත් ගොඩ නගා ගෙන නැතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසයි.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙසැම්බර් මස විධායක කමිටු රැස්වීමේදී අනුමැතිය ලබා ගැනීමට නොහැකි වුවහොත් මීළඟ විධායක කමිටු රැස්වීම පැවැත්වෙන්නේ එළඹෙන වසරේ මාර්තු මස බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙයි.
මේ අතර, විදේශ විනිමය අවප්‍රමාණය වීම, ආර්ථික අවපාතය සහ වර්ධනය වෙමින් පවතින මූල්‍ය හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ණය තවදුරටත් ඉහළ ගොස් ඇත.2021 වසර අවසාන වන විට ශ්‍රී ලංකාවේ මුළු ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 36 ක් බවත් ඉන් සියයට 20 ක ප්‍රමාණයක් එසේත් නැතිනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 7.1 චීනය ලබා දුන් ණය බවත් හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙයි.
2021 දෙසැම්බර් අවසානයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 115.3ක් වූ සමස්ත රාජ්‍ය ණය මෙම වසරේ ජූනි මස අවසන් වන විට සියයට 143.7 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාලගිරි දෝෂය..!! පුළුවන් තරම් තනියෙන්ම නැගිටින්න උත්සාහ කරන්න ඕනෑ. වැඩ වර්ජන, කැරලි ගැසීම් වැනි ක්‍රියාකරන මිනිසුන් කරන්න ඕනෑ රට නැගිට්ටවන වැඩ. ඒවා ඔවුන්ට හුරු දේවල් නෙවෙයි...
නාලා සෙන්ට්, පවුඩර් දාගෙන බලාගෙන උන්නේ ණය ලැබෙනකන්... දෙන්නම ඇට්ටි හැලෙන්න ආයේ පරම්පරා සීයකටවත් ඔලු උස්සන්න බැරිවෙන්න කියලා. කොහේද පස්ස ගහන්න වෙනවනේ. කොල්ලන් කෙල්ලන් ටික නෝ හෙල්ලුම් වෙන්න ගැටයක් ගහන එක තමයි ඉතුරු වෙන්නේ...
ඊළඟට මේ ජනාධිපති මොන බොරුවක්ද කියන්න යන්නේ? තවදුරටත් රනිල්ට ජාත්‍යන්තර සහයෝගය සහ පිළිගැනීම් තියනවයි කියලා කවුරු හරි කියනවා නම්..., එක හීනයක්. රනිල්ට රටතුළත් ජනවරමක් නැහැ... ජාත්‍යන්තරයවත් පිළිගැනීමක් නැහැ. ඒක ඔප්පු වුණා. ගිය මාසයේ ඔහුගේ ජපානයේ කළ සංචාරයේදී ඒ රට බලධාරීන් හමුවූ පසු දින පැවැති ජනීවා මානව හිමිකම් ඡන්ද විමසීමේදී ජපානය අපිට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ එක..!.
ඔව්, මේ කතාව අපි කිව්වාම පිළිගත්තේ නැහැනේ... දැන් හරිද? තවත් උඩබලාගෙන ඉන්න.