IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මෛත්‍රීට කොවිඩ්

 

(ඩයනා උදයංගනී සහ ළහිරු හර් ෂණ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

සෙම් රෝග ලක්ෂණ පැවතීම නිසා අංගොඩ බෝ වන රෝග විද්‍යායතනයට (අයි.ඩී.එච් රෝහලට) ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි අවස්ථාවේ සිදුකළ පරීක්‍ෂණයකින් හිටපු ජනාධිපතිවරයාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා අද (4) පෙරවරුවේ සෙම් රෝගයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා අංගොඩ බෝ වන රෝග විද්‍යායතනයට ගොස් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා හමුවී ඇති අතර එම අවස්ථාවේ මෙම පරීක්‍ෂණය සිදුකර තිබේ.

ඔහු ප්‍රතිකාර ලබාගෙන නිවසට පැමිණ ඇති බවත්, මේ වන විට නිවෙසේ ප්‍රතිකාර ලබන බවත් හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයකු පැවසීය.

හිටපු ජනාධිපතිවරයාට කිසිඳු තදබල රෝග ලක්‍ෂණයක් නොමැති අතර, ඔහු කොවිඩ් එන්නත් මාත්‍රා සියල්ල ලබාගෙන ඇති බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.



අදහස් (6)

මෛත්‍රීට කොවිඩ්

ranjith Friday, 04 November 2022 02:59 PM

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි...

:       8       9

podiekaa Friday, 04 November 2022 03:15 PM

දෙන්න බෙහෙතකුත් නැහැ... දීලා ඵලකුත් නැහැ... ඔන්න ඔහේ වෙඩි තියලා දාමු...

:       14       9

podiekaaFriday, 04 November 2022 09:41 PM

ඕකට ඉතින් ඔච්චර අකැමැත්ත ප්‍රකාශ කරන්න ඕනෑ නැහැනේ.. වෙඩි තියන්න අකැමැති නම් පොල්ලකින් ගහමු...!

:       0       2

nanda Friday, 04 November 2022 04:10 PM

මොනවා වුණත් මහජනතාවට හිරිහැර නොකරන නායකයෙක්...

:       14       4

mp Friday, 04 November 2022 05:32 PM

හතුරෙකුවත් විනාශයක් නොපැතිය යුතුයි...!

:       3       10

sudath Friday, 04 November 2022 06:50 PM

ඕක තමයි කිව්වේ පාරේ පිනි බබා විරෝධතාවලට යන්නට එපා කියලා...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site