
(අංජුල මහික වීරරත්න)
අලිමංකඩවල පදිංචි ජනතාව එම ස්ථාන වලින් ඉවත් කොට ඔවුන්ට පදිංචි වීමට හා වගාවට වෙනත් විකල්ප සුදුසු ස්ථාන සොයා බලන ලෙස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නාය.
මෙම අලිමංකඩ සියල්ල නැවතත් වන අලින්ට ඔවුන්ගේ වාසස්ථාන කරා ගමන් කිරීමට සුදුසුවන පරිදි වෙන් කිරීම මඟින් අලි මිනිස් ගැටුම පාලනය කිරීමට පිටිවහලක් වනු ඇතැයි ද ලේකම්වරිය කීවාය.
අලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ගණනාවක දිස්ත්‍රික් ලේකම්වරු සමඟ සූම් යෙදවුම ඔස්සේ සාකච්ඡාවකදී ලේකම්වරිය මෙි බව පැවැසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක්...!
අවසානයට..., සොබාදහමට අනුකූල තීරණයක් අරන්... විය යුත්තේ මෙයයි.. වන සතුන්ගේ ජීවිත අයිතිය අහිමි කරන්න අපිට අයිතියක් නෑ.. ඉතාම අගනා තීරණයක්... බොහොම ස්තුතියි මෙයට දායක වුණු හැමෝටම...!