IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


මාව මරන්න හදන්නේ අගමැති ෂෙහ්බාස් ෂරීෆ්

තමා ඝාතනය කිරීමට උත්සාහ ගන්නේ වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ඇතුළු තවත් පුද්ගලයන් දෙදෙනකු යැයි පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් චෝදනා නගයි.

ඉම්රාන් ඛාන් චෝදනා කරන පරිදි, ඔහු ඝාතනය කිරීමට කුමන්ත`ණය කරන ප්‍රධාන පුද්ගලයා අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ය. සෙසු පුද්ගලයන් දෙදෙනා වන්නේ පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රානා සානුල්ලා සහ පාකිස්තාන අයි.එස්. බුද්ධි අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු තරන හමුදා ජනරාල් ෆයිසාල් නසාල්ය.

ඉම්රාන් ඛාන් ඊයේ (13) ජන රැලියකට සහභාගී වී සිටිද්දී වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබුවේය. වෙඩි උණ්ඩය ඉම්රාන්ගේ පාදයක් තුවාල කළ බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පවසයි. ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ නායකයා වන්නේ ඉම්රාන් ඛාන්ය.

ඉම්රාන් ඛාන්, ඔහුගේ එක් පක්ෂ ආධාරකරුවකු සහ සෙනෙට් සාමාජික ෆයිසාල් ජාවෙද් වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ඊයේ (13) සවස ගුජ්රන්වාලා හි පැවැති ජන රැලියක් අතරතුරේය.

වෙඩි උණ්ඩයෙන් ෆයිසාල් ජාවෙද්ගේ මුහුණ තුවාල විය. අනෙක් පක්ෂ ආධාරකරුවා වෙඩි ප්‍රහාරයෙන් මියගිය බව වාර්තා විය. වෙඩි වැදුණු ඉම්රාන් කඩිනමින් ලාහෝර් නුවර රෝහලකට රැගෙන යෑම සිදුවිය.ෆයිසාල් ජාවෙද්ගේ තත්ත්වය බරපතල නොවන බව පැවැසෙයි.

වෙඩි තැබීමට පුද්ගලයන් දෙදෙනකු පැමිණ සිටි බවත්, ඔවුන්ගෙන් එක් අයකු අල්ලා ගැනීමට පොලිසිය සමත් වූ බවත් පසුව අනාවරණය විය. පොලිසිය මෙම සැකකරු අල්ලා ගෙන ඇත්තේ ඔහු වෙඩි තබා පලා යද්දී ‘තරීක් ඊ ඉන්සාෆ්’ ආධාරකරුවන්ට කොටුවුණු බැවිනි.

ඉම්රාන් ඛාන්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරය හෙලා දකිමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් කනගාටුව පළ කර ඇතැයි ද පාකිස්තාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මේ අතර හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එල්ල වුණු වෙඩි තැබීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශය ද සිය කනස්සල්ල පළ කර ඇත.

ඉම්රාන් ඛාන්, අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපා දැමීම සිදුවූයේ පසුගිය අප්‍රේල් මාසයේය. ඒ, සන්ධානගත වුණු විපක්ෂය, පාර්ලිමේන්තුවට ගෙන විශ්වාසභංගයකිනි. විපක්ෂ නායක ලෙස කටයුතු කළේ ෂෙහ්බාස් ෂරීෆ්ය. ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු ෂෙහ්බාස් ෂරීෆ් එම ධුරයට පත් වුණු අතර, ඔහු විසින් රජයක් පිහිටුවීම සිදු විය. ෂෙහ්බාස් ෂරීෆ් යනු පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ සොහොයුරාය.

(රොයිටර්)



අදහස් (0)

මාව මරන්න හදන්නේ අගමැති ෂෙහ්බාස් ෂරීෆ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27584 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18180 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10881 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 640 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 192 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 850 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site