IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බිත්තර 5ක් වැඩි මිලට වික්කාට ලක්ෂයක දඩයක්

(සනත් ගමගේ)

බිත්තර පහක් වැඩි මිලට වික්ක වීරකැටියේ වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර ඇත.

බිත්තරයක් රුපියල් 60 බැගින් බිත්තර පහක් රුපියල් 300 කට අලවි කල වීරකැටිය ප්‍රදේශයේ වෙළෙන්දෙක් හම්බන්තාට දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළීබඳ අධිකාරියේ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගෙන වලස්මුල්ල මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව (04) මෙම දඩ මුදල නියම කර ඇති බව පාරිභෝගික පිළිබඳ අධිකාරිය කියයි.

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී සුමණසේකර මහතාගේ උපදෙස් යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා මේ දිනවල සිදුකරන වැටලීම් මත මෙම වෙළඳ සැල් හිමියාද අත් අඩංගුවට පත් වී ඇත .



අදහස් (6)

බිත්තර 5ක් වැඩි මිලට වික්කාට ලක්ෂයක දඩයක්

SL Friday, 04 November 2022 02:56 PM

පී.එච්.අයි. මහත්තුරු මේ වගේ හොඳට වැඩ කරනවා නම්, අපි කොළඹ තියෙන හෝටල් වලින්, අත්වැසුම් නොදාපු අය දෙන කුණු කෑම කන්න වෙන්නේ නැහැ...

:       1       6

යෝගා Friday, 04 November 2022 03:34 PM

සුපර් මාර්කට් වලටත් ගිහින් බලන්න.

:       0       10

මනෝජ් Friday, 04 November 2022 04:07 PM

සුපිරි වෙළඳසල් වලට ඇවිත් බලන්න මහත්තයෝ, බිත්තරයක් 65යි.. ඒවාට දඩ ගහන්නේ නැද්ද?

:       0       5

siri Friday, 04 November 2022 04:14 PM

ඔන්න ඔහොම දඬුවම් දෙනවා නම් රට හැදෙයි.. රුපියල් 50 වන්චාවට දඩය ලක්ෂයයි. මහබැංකු හොරකමට, සීනි වංචාවට, සුදුළූණු වංචාවට, තව අනන්තවත් මහාපරිමාණ වංචා, දූෂණ වලින් කියැවුණේ කෝ මේවට දඬුවම්?

:       2       7

විජිත් Friday, 04 November 2022 04:45 PM

මම මේ ගැන ශ්‍රී ලංකාවේ එක්තරා ගමක වෙළෙඳ මහතෙක්ගෙන් ඇසුවා... එතකොට ඔහු මෙන්න මෙහෙම කිව්වා දුරකථනයකින්..." අපේ පැත්තේ වෙළෙන්ඳන් ඔක්කෝම කතාබහ කරලා තීරණය කළා බිත්තර විකිණීම නවතා දමන්න. දැන් අපේ පැත්තේ රුපියල් 1000 කාටවත් බිත්තර නැහැ. ෆාම් එකේ මුදලාලිටත් ප්‍රශ්නයක් තමයි.., නමුත් බිත්තරයකින් රුපියල් 3ක්වත් ලාබ නැතිනම් විකුණලා වැඩක් නැහැ. බිත්තර කැඩෙනවා, කුණු වෙනවා, ඒවා ඔක්කොම වෙළෙන්ඳා විඳදරා ගන්න ඕනෑ. ඒනිසා අපේ කඩවල බිත්තර නැහැ. ඔය නීතිය අයින් කරන තාක්කල් බිත්තර නැහැ. ගෙවල් වල බිත්තර විකුණනවා හොඳටම අඳුරන අයට නමුත් අඳුනන්නේ නැති කාටවත් බිත්තර නැහැ. ආණ්ඩුවේ ඔත්තුකාරයෙක් වෙන්න පුළුවන්... ඒ නිසා අඳුනන්නේ නැති අයට බිත්තර ගෙවල් වලින්වත් දෙන්නේ නැහැ. ඒ වගේම නාන්නාඳුනන මිනිසුන් බිත්තර හොයාගෙන ඇවිත් ගුටි කාපු වාර ගණනකුත් තියෙනවා....." අපි චූටි කාලේ ශත 25ට තිබුණු බිත්තරේ උඩගිය හැටි බිත්තරය දමපු කිකිළි දන්නෙත් නැහැ...

:       1       5

mp Friday, 04 November 2022 05:34 PM

සුපර් මාර්කට් වල බලන්න. ගිනිගාණට විකුණන්නේ...!

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site