රාජ්‍ය ආයතන වලට එන ජනතාව සීමා කෙරේ
කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා විවිධ කටයුතු සඳහා රාජ්‍ය ආයතනවලට පැමිණෙන මහජනතාව හැකි තාක් අඩු කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස් හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුව චක්‍රලේඛයක් නිකුත් කර ඇත. අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතාගේ උපදෙස් මත මෙම චක්‍රලේකය නිකුත් කර තිබේ.