IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


හෙට සිට දින 4 ක් උසාවි වහන්න යෝජනාවක්

(තිළිණි ද සිල්වා)

නව කොරෝනා වසංගත තත්වය සැළකිල්ලට ගෙන දිවයිනේ සියලුම උසාවි හෙට (17) සිට  මෙම මස 20 (සිකුරාදා) තෙක් වසා දැමිමට යෝජනා කරන බව  ශ්‍රී ලංකා නිතිඥ සංගමය නිවේදනයක් නිකත් කරමින් කියා සිටී.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ සදහන්වේ.

මෙරට කොරොනා වයිරසය පැතිරීම පිළිබඳව ශ්‍රී ලංකා නිතිඥ සංගමය සිය නිරීක්ෂණයන් සිදුකරමින් සිටියි.

කොරොනා යැයි සිතන පුද්ගලයන් හමුවීම පිළිබද සිද්ධීන් කිහිපයක් පිළිබදව පැමිණිලි කිහිපයක් අප සංගමය වෙත ලැබී තිබේ.

මෙරට උසාවියන්හි දිනපතාම පොදු මහ ජනතාව සැලකිය යුතු පිරිසක් ගැවසෙති. බෝහෝ උසාවිවල සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ තත්ත්වය ප්‍රශ්න ගතවේ. එබැවින් මෙවැනි ස්ථානයන් මෙම වයිරසය පැතිරීමටට තෝතැනි සපයයි.

ඊට අමතරව බන්ධනාගාරවල සිට රිමාන්ඩ් සිරකරුවන් උසාවි වලට රැගෙන ඒම තුළින් මෙම වයිරස පැතිරීමේ අවදානම වැඩි කරයි.

අප සංගමය ලබා ගත් විශේෂඥ වෛද්‍ය උපදෙස් අනුව වයිරස මර්දනය කිරීම  සඳහා සුදුසුම අවස්ථාව මෙය වේ.

මෙම වයිරස පැතිරීම පිළිබඳ බරපතල තත්ත්වය සැළකිල්ලට ගැනිමේ එය වැළැක්වීමේ කඩිනම් පියවර ගත යුතුව ඇත.

ඒ අනුව සියලුම උසාවි  හෙට (17 ) සිට සිකුරාදා (20)  දක්වා වසා දැමීම සිදු කළ යුතු බව අපගේ අදහසයි.

මේ පිළිබඳව අවසාන තීරණය අගවිනිසුරුතුමා සහ අධිකරණ සේවා කොමිසම සමඟ සාකච්ඡා කර මේ  පිළිබඳව අවසාන තීරණයකට එළැඹෙන බවද නිතිඥ සංගමය වැඩිදුරටත් කියා සිටී.



අදහස් (3)

හෙට සිට දින 4 ක් උසාවි වහන්න යෝජනාවක්

අමිල Monday, 16 March 2020 10:52 AM

උසාවි වහන එක හොඳයි. ඒ වගේම නීතිඥ සංගමය තම සාමාජික නීතිඥ මහතුන්ට.., මහත්මීන්ට කාරුණිකව උපදෙස් දෙන්න ඔය දින කීපයට ආදාල නඩු සඳහා සේවාදායකයින්ගෙන් ගාස්තු අය නොකරන ලෙස...

:       1       4

palithaMonday, 16 March 2020 11:40 AM

පිස්සුද, නඩුවලට පෙනී හිටියත් නැතත් ගාස්තු අය නොකර කොහොමද..?

:       0       1

Keppetipola Monday, 16 March 2020 11:24 AM

උසාවි ඇරලා තිබ්බා කියලා ඇති වැඩේ මොකක්ද? නඩුවක් අහන්නේ නැතිව නඩු කල් දාන එක විතරනේ කරන්නේ... දුප්පත් පොඩි හොරකම් කරපු මිනිස්සුන්ව හිරේට දාලා මහා පරිමාණ හොරකම් කරපු හිටපු ටයි, කෝට් ඇමතිවරුන්ව නිදහස් කරන එකනේ කරන්නේ. ඕකට උසාවියක් අවශ්‍යද? රටේ සල්ලි නාස්ති නොකර තරුණ බුද්ධිමත් අවංක නීතිඥවරුවරු පුහුණු කරලා විනිශ්චයකරුවන් ලෙස උසාවිවලට පත් කරන කම් ඔය උසාවි වහලා දාන එක රටටම යහපතක්...

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 322 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 846 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1272 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site