(නිමල කොඩිතුවක්කු සහ නිර්මානි ගුණරත්න)
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ලබාදුන් නියෝගය අවලංගු කර සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කරගනිමින් කොරෝනා වයිරසය මැඩපැවැත්වීමට ජාතික වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සමගි ජනබලවේගයේ නායක සහ හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
මැතිවරණය සඳහා වැයකිරීමට තිබෙන මුදල් කොරෝනා වයිරසය මැඩපැවැත්වීමට යොදවන ලෙසද ඔහු සඳහන් කළේය.
මහජන රැස්වීම්, පත්‍රිකා බෙදීම, ගෙයින් ගෙට යාමේ වැඩසටහන් නොමැතිව ඡන්ද ව්‍යාපාරයක් පැවැත්වීමේ හැකියාවක් නොමැති බවත් ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලයේ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
විපක්ෂය ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානමින් සිටින බවත් පැවසූ ප්‍රේමදාස මහතා කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීමෙන් පසු මැතිවරණය පැවැත්වීමට හැකියාව ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදෙ කියන්න බැහැ.. හරිම බුද්ධිමත් විදියට තමයි මේ ගොයියා හැමවිටම කතා කරන්නේ.. බලන්නකෝ කොච්චර අවංකව රට වෙනුවෙන් මහජනතාව වෙනුවෙන් වැඩකරන්න උත්සාහ කරනවද? අනේ... දෙයියනේ ඉදිරියේදීත් ශ්‍රී ලංකාව දියුණුවෙමින් පවතිනම රටක් ලෙස හංවඩු ගැසෙනු ඇත...
නෑ සජිත් මහත්මයාණෙනි.., නැවතත් පැවති විකෘති පාර්ලිමේන්තුව රටට අවශ්‍ය නැත. මැතිවරණය අවලංගු කරනවා වෙනුවට, අනවශ්‍ය ප්රචාරක, පෝස්ටර්, පෙළපාලි, රැස්වීම්, කටවුට් වලින් තොරව මැතිවරණය පැවැත්වීම වඩාත් උචිතයි. මැතිවරණ ප්‍රචාරය සඳහා කොමිසමේ මැදිහත් වීමෙන් මාධ්‍ය හරහා ප්රචාරක කටයුතු සිදු කිරීම, අපේක්ෂකයින්ට දු.ක. මඟින් සහ අපේක්ෂකයින්ට ඉතා සුළු පිරිසක් යොදාගෙන (3-4 නොඉක්මවන පරිදි) කැන්වසින් යාම හා පත්‍රිකා ලබාදීම ආදිය කළ හැකිය. කළ යුතු අනෙක් වැදගත්ම දෙය නම් ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීම් මධ්‍යස්ථානවලට ප්‍රමාණවත් තරම් මුහුණු ආවරණ සහ අනෙකුත් සනීපාරක්ෂක සහ ආරක්ෂිත ක්‍රමවේදයන් ලබාදීමට කොමිසම කටයුතු සිදුකිරීමයි...
කාලෝචිත ඉල්ලීමක්...
ඔහෙට පිස්සුද හලෝ...?
විකාරද? නැත්තම් ඡන්දෙට සූදානම් නැතුවද..?
සද්භාවයට වඩා එහා ගිය මැතිවරණ භීතිකාව නමැති තත්වයෙන් මොහු සහ මොහුහේ සහචරයින් පෙලෙන බව මේ දිනවල කරන කියන ඒවා දිහා බැලුවම පෙනෙන්නට තිබේ...
මහ බැංකුවෙන් විදපු සල්ලි ටිකත් ආපසු දුන්නා නම්... එක්කෝ ඕනෑ නැහැ. හොරසල්ලි ටිකක් අච්චු ගස්සවමු...
මේ අවස්ථාවේ කළ යුත්තේ එයයි.
ආණ්ඩුව උදව් ඉල්ලුව වෙලාවේ දුන්නේ නැතුව දැන් එනවා ආණ්ඩුව තියාගන්න අනේ මෙහෙමත් මිනිස්සු...
නිකම් විහිළුවක් තමයි කළොත්...
සජිත් මහත්තයෝ විකාර නොකියා මේ අවස්ථාවේදී රජය ගෙනයන වැඩපිළිවෙලට සහයෝගය දෙන්න... හොඳ විසඳුම් තියෙනවා නම් කිසි අපහසුවක් නෑ. ඔයාට ජනාධිපති හමුවී ඉදිරිපත් කරන්න පුළුවනි. ඔබ කියන්න අායේමත් අර ගොයියන් ටික ගෙනැල්ලා මහජනයාට “ආටක නාටක” පෙන්වන්න කියලද? බොරදියේ මාලු බාන්නේ නැතුව ඔය පුටුව උගත් කෙනෙකුට දීලා ණය ටික ගෙවාගන්න ක්‍රමයක් හොයාගන්න. විකටයෙක් වෙන්න එපා මහත්තයෝ. මේක ලෝක ප්‍රශ්නයක්..!
තුත්තිරි ගහෙත් එල්ලෙන්න හදනවා. එයාගේ සංධානය බල්ලට යනකොට. රනිල්ව පාලනය කරන්න බැරිනම් කොහොමද රටක් පාලනය කරන්නේ...?
නිකමට හිතලා බලන්න මේ උන්දැලාගේ ආණ්ඩුව මේ වෙනකොට තිබ්බනං රටේ භාගෙකට කොරෝනා හැදිලා .එහෙනම් එක එකා හතර අතට කඹ ඇද ඇද මුළු රටම අපායක් කරලා. කරන ලොකුම උදව්ව තමයි පැත්තකට වෙලා කට වහගෙන ඉන්න එක
එපා. මැතිවරණ කොමසාරිස්තුමණි. මෙවරවත් අපේ ඡන්දය පාව්ච්චි කරන්න ඉඩ දෙන්න. දේශපාලකයන්ගේ පච රැස්වීම් වලට ඉඩ දෙන්න එපා. අපිට ස්වාධිනව තිරණයක් අරගෙන පාර්ලිමේන්තුවට යැවිය යුතු එකා යවන්න තීරණය කරන්න පුලුවන්. අනෙක ඔය ප්රචාරක රැස්වීම්වලට යන සල්ලි මේ වෛරසය මැඩ පවත්වන්න යොදන්න කියල කොමසාරිස් තුමාට කියන්නත් පුලුවන්. නියමිත දිනටම ඡන්දය තියන්න. මුකවාඩම් සෑම ඡන්දදායකයකුටම දෙන්නත් පුලුවන්- ඡන්ද රැස්වීම් වලට යන සල්ලි වලින්.
මේ යන විදිහ හොඳයි. කැඳවලා මොනවා කරන්නද.?
රට ජාතිය ආගම මජනයාට හෙන ගැහුවත් කමක් නෑ එයාලට ඕනේ බලය
ජනාධිපතිවරයා වැඩ කරන්නේ වගකීම් විරහිතව සහ ඒකාධිපති ස්වරූපයෙන්. සාක් නායකයෝ කොරෝනා ගැන කතා කරද්දී ඔහු කිව්වේ ඡන්දෙ ගැන. කොරෝන මුළු ලෝකයාම භීතියෙන් සහ කම්පාවෙන් ඉන්න වෙලාවේ ලංකාවේ ජනාධිපති ඡන්දයක් ගැන කතා කරලා ලංකාවම ලෝකය ඉදිරියේ විහිළුවක් කෙරෙව්වා. ජනාධිපති තීරණ ගන්නේ නැත්නම් එක්කෝ අගමැතිවරයා තීරණ ගන්න ඕනේ. එහෙම නැත්නම් මේගොල්ලෝ නැතුව රටේ අනිත් සියලු පක්ෂ හිටපු කතානායකවරයාගේ නායකත්වයෙන් සමුළුවක් කැඳවලා ජනාධිපතිට බල කරන්න ඕනේ බිස්නස් රිලිෆ් පැකේජ් එකක් හඳුන්වා දීල, ආහාර භාණ්ඩ කඩ සහ ෆාමසි හැර අනිත් සියල්ල වහල සහ රාජ්‍ය සහ පුද්ගලික අංශයට ලෙඩ නිවාඩු අනුමත කරලා මුළු රටම දින 14ක් කොරෝන නිරෝධනය කරන්න කියල, වසංගත තත්වෙට එන්න ඉස්සෙල්ල.
සජිත් බේබි මුළු රටටම, කාන්තා සනීපාරක්ෂක තුවා දෙනවා කිව්වා නේද?
මටනම් මෙයාලව දකිනකොටත් කෙන්තියි.
පාස්කු ප්‍රහාරයට පස්සේ ඔය පාර්ලිමේන්තුව මොකද කළේ. බයිල ගහන වෙලාවක් නෙමෙයි මේක...