(සුජිත් හේවාජුලිගේ)

පළාත් සභා මැතිවරණය  ප්‍රමාද නොවන බව රාජ්‍ය පරිපාලන,  පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය  චන්දන අබයරත්න මහතා ලංකාදීපයට පැවසීය.

පළාත් සභා මැතිවරණය  පවත්වන ඡන්ද ක්‍රමය පිළිබඳව කරැණු  සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ  නිර්දේශ ළඟදීම ලැබීමට නියමිත බවත් එම නිර්දේශ  අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට   සැලසුම් කරන   බවත් ඔහු සඳහන් කළේය.

අමාත්‍ය විජිත හේරත් මහතා පළාත් සභා මැතිවරණය පවත්වන ඡන්ද ක්‍රමය පිළිබඳව සොයා බැලීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ  සභාපතිත්වය උසුලයි

එම කාරක සභාව  මැතිවරණ කොමිෂන් සභාවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් කැඳවා ඡන්ද ක්‍රමය  සම්බන්ධයෙන් පසුගියදා දීර්ඝව සාකච්ඡා කළේය.

එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් පැවසුවේ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතිය සකස් කර දුනහොත් ඕනෑම අවස්ථාවක ඡන්දය පැවැත්වීමට තමන් සූදානම් බවයි.

පළාත් සභා  මැතිවරණය වසර  11   කින් පමණ පවත්වා නැත. මේ අනුව එම සියලුම පළාත් සභා  පවතින්නේ  ආණ්ඩුකාරවරුන්ගේ  පාලනය  යටතේය.

පළාත් සභා නවයේ  නිල කාලය අහෝසිවීමේන් එම  පළාත්වල  පරිපාලනමය  කටයුතුවලට දැඩි බලපෑම් එල්ලවී ඇත