
පැරිස් නුවරට පිවිසෙන සහ පිටවයන සියලු දොරටු වසාදමා පැරීසිය හුදකලා නගරයක් බවට පත්කිරීමට ප්‍රංශ රජය සිතමින් පසුවෙයි. ප්‍රංශ ජනතාව සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් නොපිළිපැදීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
ප්‍රංශයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,437 දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවද, එම අගය වර්ධනය වුවහොත් තෝරාගත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම දක්වා වූ තත්වයකට යාමට සිදුවන බවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අධ්යක්ෂ, වෛද්‍ය ජෙරෝම් සලමන් මහතා පවසයි.
‘පවතින තත්වය ඉතාම කනගාටුදායකයි. එය ඉක්මණින් නරක අතට හැරෙමිනුයි තිබෙන්නේ. ඊයේත් පැරිසියේ උද්‍යාන සහ අවට සංචාරය කරන්න දහස් ගණනින් ජනතාව ඇවිත් හිටියා. මිනිස්සු සෞඛ්‍ය උපදෙස් පිළිපදින එක මේ විදියට නොසැලකුවොත් මාර්තු අවසානය වෙද්දිවත් මේ තත්වය පාලනය කරගන්න අපිට බැරිවේවි’ යැයිද ඔහු කීවේය.

මේ වනවිට ප්‍රංශයේ ආසාදිතයෝ 400 දෙනෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති. පැය 24ක කාලයක් තුළදී වයිරසයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 91 සිට 127 දක්වා ඉහළ ගොසිනි. ඒ අනුව දිනයක් තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 36 කි.
අත්‍යවශ්‍ය නොවන වෙළඳසැල් වසා දමා, 100 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් රැස්වීම තහනම් කිරීමට රජය කටයුතු කළද, ප්‍රංශයේ මහජනතාව උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදක්වමින් සිටිති.
එබැවින් සෞඛ්‍ය නීති අනුගමනය කරන්නැයි සෞඛ්‍ය බලධාරීහු ජනයාගෙන් ඉල්ලා සිටිති.
2025 නොවැම්බර් මස 17
19
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
865
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2496
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
උපදෙස් නොතකන්නන් නිසා පැරිසියේ දොරටු වහන්න යයි