(ඩයනා උදයංගනී )
කොරෝනා වයිරසය පැතිරයාම සම්බන්ධයෙන් අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිර වූ දෙදෙනෙක් අද (16) අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
කොරෝනා වයිරසය ආසාදනය වූ තිදෙනෙක් මියගිය බවට අසත්‍ය ප්‍රචාරයක් පළ කළ නිමින්ද ප්‍රියදර්ශන නැමැත්තෙක් බණ්ඩාරගම දී අද අලුයම 4.30 ට පමණත් දුෂ්මන්ත අමිල නැමැත්තෙක් රාගමදී පෙරවරු 11.00 ට පමණත් අත්අඩංගුවට ගත් බව අජිත් රෝහණ මහතා සදහන් කළේය.
ඔවුන් දෙදෙනාගෙන් අයෙක් රූපලාවණ්‍යගාරයකත් අනෙක් පුද්ගලයා ත්‍රීරෝද රථ රියදුරෙක් ලෙසත් සේවය කරන බවද අජිත් රෝහණ මහතා කීවේය.
මෙම දෙදෙනා සම්බන්ධයෙන් පරිගණක අපරාධ පනත යටතේ මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ පියවර ගත හැකි බව කී අජිත් රෝහණ මහතා ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද කියා සිටියේය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම දක්ෂ කාර්යක්ෂම පොලිසියක්නේ... ලංකාවට තියෙන්නේ. ඒවා නම් ක්ෂණික සොයාගන්නවා. අර ලෝක ප්‍රසිද්ධ රවි කරුණානායකව හොයාගන්න බැරිවුණා දවස් දහයක් ගිහිල්ලත්. දැන් ඉතින් කොරෝනා මඩින එක පැත්තකින් තියලා මේ ගොල්ලන්ව හොයහොයා ඉඳියි. හොයලා, හිරේ දාලා අපේ සල්ලිවලින් කන්න බොන්න දීලා තියාගන්නකෝ...
අපේ අයත් හරියට සමහරක් දේශපාලුවන් වගේ... කෙන්ද කන්ද කරන්න දක්ෂයි...
මේ අයව යවන්න ඕනේ නිරෝධායන මධ්‍යස්ථානවල වැසිකිළි හෝදන්න. මොලේ කළඳක් නැහැ.
රවී සිව්රෝද රථ හිමියෙක් නිසයි සොයාගන්න අපහසු වුනේ... එයා ත්‍රිරෝද රථ රියැදුරෙක් වුණා නම් මෙලහකටත් අපේ නීතියේ සැරතෙල් පත්තු ගාන්න පෙන්නන්න තිබුණා...
පාස්කු ප්‍රහාරය වෙලාවේ පොහොට්ටුවේ කට්ටිය බලය ගන්න කියපු කරපු දේවල් අමතකද? ඒවාවල ප්‍රතිඵල මේ වෙනසට තියෙන්නේ බලයක් නැතිකම විතරයි.
පළමුව අප ශ්‍රී ලංකා පොලිසියට අපගේ ප්‍රණාමය පුදකරනවා. මේවගේ කටකතා පතුරවන නිවට දියබරියන්ව ඉතාම කෙටිකාලයකදී අත්අඩංගුවට ගැනීම පිළිබඳව මෙන්ම මෙම කාලකන්නින්ට උපරිම දඬුවම් ලබාදිය යුතුය යන්න අපගේ අදහසයි. කරුණාකර එම දියබරියන්ගේ සියලුම විස්තර මෙන්ම ඡායාරූපද පුවත්පත්වල පළකරන මෙන් ඉල්ලා සිටින්නෙමු... දෙවනුම අපගේ එම පොලිසියටම අපගේ ඉතාම බලවත් අප්‍රසාදය පලකරනවා මේ "තුන් ලෝකෙටම හොඳම මුදල් ඇමති වුණු තක්කඩි රවීව" සොයාගැනීමට නොහැකිවීම පිළිබඳව... අපට විශාල සැකයක් මතුවී තිබෙනවා.. රවී ග්‍රහයා මිනිස්සුන්ට" නොපෙනී සිටීමට මොකක් හෝ තෙලක් මුළු ශරීරයේම ආලේප " කළාද යන්න. එසේත් නැත්නම්" ග්‍රීස් යකා "චරිතය රඟපෑවාදෝ යන්නද සැකයකි. සාමාන්‍ය පුරවැසියන් වන අපට නිරීක්ෂණය වුණු එය ලංකාවේ පොලිසියට නිරීක්ෂණය නොවුනේ මන්ද?