( ඩයනා උදයංගනී )
පොදු ප්‍රවාහන සේවය පවතින තත්ත්වය පිළිබඳව ඉදිරි දින දෙකේදී නීරීක්ෂණය කර ඒ සඳහා සුදුසු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා කීවේය.
හෙට දිනයේදී පැවැත්වෙන කැබිනට් හමුවේදීද මේ පිළිබඳව සාකච්ඡා කාරීමට නියමිත බවත් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවද එහිදී සාකච්ඡා කෙරෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
කොරෝනා වයිරසය ව්‍යාප්තිය සමඟ වර්තමානයේ රටෙහි පවතින තත්ත්වය පිළිබඳව සළකා බලා ඉදිරියේදී නිවාඩු ලබා දීම දීර්ඝ කළ යුතු ද යන්න පිළිබඳ තීරණ එළැඹෙන සිකුරාදා දිනයේදී තීරණය කරන බවද අමාත්‍යවරයා කීවේය.
අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති ප්‍රවෘති සාකච්ඡාවෙන් අනතුරුව කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කියන දේවල් කොහොම විස්වාස කරන්නද මන්දා?
අර වසර 70ක් විතර උදේ, හවස දුම්රියේ එල්ලිලා යන මිනිසුන් ගැන දුක හිතිලා මෙතුමන් සතු වාහන යොදවලා මගීන් ප්‍රවාහනය කරනවා වෙන්න ඕනෑ.
ඔය දේශපාලකයින් කරන්නේ නිරීක්ෂණය කරන එක විතරයි.