(රංජන් කස්තුරි)
ඉඩම් සම්බන්ධයෙන් සිදුකෙරෙන කේවියට් දැන්වීම් ලියාපදිංචි කිරීමේ නීතිය දැඩි කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
කේවියට් දැන්වීම් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මහජන පැමිණිලි හා චෝදනා නිරතුරුව ම ලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බව රෙජිස්ට්‍රාර් ජනරාල් එන්. සී. විතානගේ මහතා පැවසීය.
දේපළවලට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයන් විසින් පළිගැනීමේ චේතනාවෙන් හෝ විකිණීමට ඇති ඉඩමක් නම් එය වැළැක්වීමේ චේතනාවෙන් කේවියට් දැන්වීම් ලියාපදිංචි කරන බවට සහ කේවියට්කරුවන්ට නිසි පරිදි ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල මගින් දැනුම් දීම් සිදුනොකරන බවට චෝදනා ලැබෙන බවද ඔහු කීය.
ඒ අනුව, මින් ඉදිරියට කේවියට් දැන්වීම් ලියාපදිංචියට බාරදෙන පුද්ගලයන් පරීක්ෂා කිරීම, ඒ බව ලිඛිත සාක්ෂි හා දිවුරුම් ප්‍රකාශ මගින් තහවුරු කරගැනීම, කේවියට්කරු ඉඩමේ අයිතිකරු නොවන අවස්ථාවක එම ඉඩමට ඔහුට ඇති සම්බන්ධතාවය දිවුරුම් ප්‍රකාශයක් මගින් තහවුරු කරගැනීම අනිවාර්ය බවද විතානගේ මහතා පැවසීය.
තවද කේවියට් දැන්වීමත් අවලංගු කිරීමකදී ද එය ලියාපදිංචි කළ අය විසින් ම එම අවලංගු කිරීම සිදුකරන්නේ ද යන්න ලිඛිත සාක්ෂි හා දිව්රුම් ප්‍රකාශයක් මගින් තහවුරු කරගැනීම අනිවාර්ය බවට නීති සකස් කළ බවද රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලයකට ඉහත කරන්න තිබුණු වැඩක්... ඉතාම හොඳ දෙයක්...
කොහේහරි ලොක්කෙක්ට මේකෙන් අපහසුතාවයක් වෙලා වගෙයි... ඒකයි යමක් කරන්න ඕනෑ කියලා හිතිලා තියෙන්නේ.
සැබෑවටම හොඳයි... මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා වූ සම්බන්ධීකරණය කරන්න.
2022 අංක 32 දරණ සංශෝධන පනත අනුව කේවියට් දැන්වීමක් සමග ඉදිරිපත් කළ යුතු ලියවිලි මොනවාද?