(මුදිතා දයානන්ද )
2020 මහමැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා කණ්ඩායම් නායකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මහතා තරග කරනු ලැබේ.
ඔහු කොළඹ දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීම අද (16) පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි සිදුකෙරිණි.
කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් ජාතික ජනබලවේගය යටතේ අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල, නීතිඥ හර්ෂණ නානායක්කාර, නිතිඥ සුසන්ත දොඩාවත්ත, නීතිඥ ජානක අධිකාරී, නිතිඥ නිරූපා සේරසිංහ, දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රිනි සමන්මලී ගුණසිංහ යන මහත්ම මහත්මින්ද තරග වදිති.
මෙවර මහමැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජනබලවේගය දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකටම තරග කරනු ලබන අතර ඒ සඳහා වන නාමයෝජනා පත්‍ර සියල්ල සකස් කර අවසන් බව අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
එම නාමයෝජනා පත්‍ර සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා අත්සන් තැබීම ද සිදුකෙරිණි.
මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් නීතිඥ ලාල් විජේනායක, නීතිඥ හර්ෂණ නානායක්කාර, මහින්ද රත්නායක, මහාචාර්ය චන්දන අබේරත්න, සාහිත්‍යවේදි ජයතිලක කම්මැල්ලවීර මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1% ලංකාවේ අනාගත නායකයාට ජයවේවා..!
මෙදා පාර නම් හලා ගන්නවා...
අම්මපා... කලුකුමරයාලගේ අන්තරේ ඉන්න අය අාවේ නැද්ද "දියව් දියව් මනාමේ" අපේ කලුකුමාරයාට කියාගෙන... ඇයි ලැජ්ජා හිතුණාද අපේ සත්ගුණවත් කළු කුමරුනි..."? අපි නම් මේ මග බලා ඉන්නේ කලුකුමාරයා ප්රමුඛ ඒ අන්තරේ " නූගත් ගොන්තඩි ටික" එළිබහින කම් අපේ මනාපේ දෙන්න. මෙදා පොටේ සුන්... සූත්තර පුංචෙ හිස හැරුණු හැරුණු අත දුවනවා... අපේ මේ පින්කඳ වන කලුකුමරු අන්තරේ ඉන්න මෝඩ අන්දරේලා සමග දියවන්නා පට්ටියට යනවිට... හුරේ අන්තරේ ඉන්න මෝඩ අන්දරේලාට සහ අපේ කලුකුමරුට ජය වේවා...!!! අනිත් හැම එකටම බංග වේවා !!! දියව් දියව් ඡන්දෙ අපිට දියව්..!!!
දූෂණයට, වංචාවට එරෙහිව රට හා ජනතාව වෙනුවෙන් ගෙනයන අරගලය වඩා ජවසම්පන්නව ඉදිරියට ගෙන යාමට ශක්තිය ලැබේවා...!!! හොරු, දූෂකයින් නැති උගතුන්, බුද්ධිමතුන්ගෙන් සැදුම්ලත් එකම පෙරමුණ ජාතික ජන බලවේගයයි.
රටම කෑවා. මිනිසුනේ තීරණය ඔබේ අතේ...
මේ ගමන අනාථයි. ඇපේ බේරගන්න බලමු. පාර්ලිමේන්තුවට ආවොත් ඒ ජාතික ලැයිස්තුවෙන් පමණයි. ඒකත් ෂුවර් නැහැ.
දේශපාලනය තිබෙන්නේ හොරුන්ට සහ තක්කඩින්ටයි. කමක් නැත... ඔබලාටත් සුබපතමු.
උගතුන්, වියතුන් සමන්විත එකම කණ්ඩායම... ජය වේවා!. වැඩි පාර්ලිමේන්තු බලයක් ලැබේවා..!
ජයවේවා...!!!
තරග කරන්නේ නම් උගත් අය වගේ. පෙරකදෝරුවොත් ඉන්නවා. වහලුන්ට හොරට ලියලා විභාග පාස් වෙච්චි, 8 පාස්, දූෂිතයන්, වගේ උන්නේ...
මේ ඉන්නේ එන්.ජී. ඕ. කල්ලියක් බව අපි දන්නවා.