
කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයෙන් බැට කන ඉතාලියට සහයෝගය දැක්වීම සඳහා චීනයේ විශේෂඥ කණ්ඩායමක් ඉකුත් දා රෝමයට ළඟාවූහ.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් කොරෝනා වයිරසයෙන් චීනයට පසු වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට බවට පත්ව ඇත්තේ ඉතාලියයි.
එම විශේෂඥ කණ්ඩායම පැමිණි ගුවන් යානය මුඛ ආවරණ සහ ස්වසන උපකරණ ඇතුළු වෛද්‍ය සැපයුම් යනාදියෙන් පුරවා තිබිණි.
චීනයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 150කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබෙන අතර යුරෝපයේ වැඩිම බලපෑමක් එල්ල වූ රට බවට පත්ව ඇත්තේ ද ඉතාලියයි.
ඉතාලියෙන් කොරෝනා වයිරසය පිළිබඳව මුලින්ම වාර්තා වූයේ පෙබරවාරි 21 වැනිදාය. මේ වනවිට ඉතාලියෙන් කොරෝනා මරණ 1,809ක් වාර්තා වන අතර එරට කොරෝනා ආසාදිතයන්ගේ ගණන 24,747කි.

එම ගුවන් යානයත් සමඟ පැමිණි විශේෂඥයන්ට චීන වෛද්‍ය කාර්යමණ්ඩලවලට අයත් නව දෙනෙක් අයත්වූහ. එම යානයට පටවා තිබූ වෛද්‍ය උපකරණවල බර ටොන් 30ක් යැයි ද කියැවිණි. චීන රතු කුරුස සංවිධානය මේ කටයුත්තට මුල් තැන ගෙන තිබිණි.
‘‘අපි දැඩි පීඩනයකට අහුවෙලා. අපි ඉන්නේ දැඩි දුෂ්කර අවස්ථාවක. චීනයෙන් සැපයුම් ද්‍රව්‍ය පැමිණීම තරමක සහනයක්. ඒක තාවකාලික සහනයක්. ඒත් එය වැදගත් බව කියන්න ඕනෑ’’ යැයි ඉතාලි රතු කුරුස සංවිධානයේ ප්‍රධානී ෆ්‍රැන්සෙස්කෝ රොකා පැවැසීය.
‘‘අපට දරුණු මුඛ ආවරණ හිඟයක් තිබෙනවා. අපට ස්වසන උපකරණ අවශ්‍ය වෙනවා. අපි ආණ්ඩුවට ද ප්‍රදානයක් කළා. චීනයෙන් අපට ලැබුණු වැදගත් ප්‍රදානයක්’’ යැයි ද හෙතෙම කීය.
වයිරසය හේතුවෙන් ඉතාලියේ රෝහල් රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබෙන අතර ප්‍රධාන සැපයුම් ද්‍රව්‍යවල දැඩි හිඟයක් පවතී.
ඉතාලිය ඔවුන්ගේ මිත්‍ර රටවල් සිටින යුරෝපා සංගමයෙන් මීට පෙර වෛද්‍ය සැපයුම් සඳහා ඉල්ලීමක් කර තිබුණු නමුත් චීනය මෙන් නොවන යුරෝපා සංගමය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. එම රටවල් සියල්ල ඔවුන්ගේ පුරවැසියන්ට මුඛ ආවරණ සහ අනෙකුත් ද්‍රව්‍ය අවශ්‍ය යැයි එම අවස්ථාවේදී සඳහන් කළහ.
(රොයිටර්)
055
2025 නොවැම්බර් මස 17
19
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
865
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2496
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
චීනයේ විශේෂඥ කණ්ඩායමක් ඉතාලියට
Chandana F Monday, 16 March 2020 12:15 PM
සැපතේදී මෙන් මිතුරන්ගේද මිතුරන්ගේ සහාය අවශ්‍යයි.