කොරෝනා වයිරසය 2021 වසන්ත සෘතුව දක්වා බ්‍රිතාන්‍යයට බලපැවැත්වෙනු ඇතැයිද, මිලියන 7.9ක පිරිසක් රෝහල්ගත කෙරෙනු ඇතැයිද බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ රහස්‍ය තොරතුරු වර්තාවකින් හෙළි වේ.
ද ගාඩියන් පුවත්පත සතුව ඇති ප ලිපියක සඳහන් වූයේ, වයිරසය තවත් අවුරුද්දක පමණ කාලයක් පවතිනු ඇති බවට සෞඛ්‍ය ප්‍රධානීන් අපේක්ෂා කරන බවය. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය, ගිනි නිවන භට කණ්ඩායම්, පොලිසිය යන පිරිසට එය බලපාන ආකාරය සම්බන්ධ කරුණු ද එහි ඇතුළත් වී තිබේ.
එංගලන්තයේ මහජන සෞඛ්‍ය කාර්යංශයේ නිලධාරී කණ්ඩායම් මෑතකදී එරට වයිරසය ව්‍යාප්ත වන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සකස් කළ වාර්තාවකි.
ඉදිරි මාස 12 ඇතුළත බ්‍රිතාන්‍යයේ ජනගහනයෙන් 80%කට වැඩි පිරිසකට වයිරසය ආසාදන වනු ඇතිබවටද, 15%ක පමණ පිරිසක්(මිලියන 7.9) රෝහල්ගත වනු ඇති බවටද ගණන් බලා ඇතැයි එහි සඳහන් වේ.
එංගලන්තයේ මහජන සෞඛ්‍ය කාර්යංශයේ, ජාතික බෝවන රෝග අංශයෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය සූසන් හෝප්කින්ස් පැවසුවේ, සිය කාර්යංශය මෑතකාලීන සංඛ්‍යා දත්ත අධ්‍යයනය කරමින් සිටින බවය. මහජනයාට නිවසේ රැඳී සිටීමේ වැදගත්කම නැවත අවධාරණය කරමින්, සෞඛ්‍ය සේවකයන්ට වයිරසය ව්‍යාප්තවීම අඩුකිරීමට ක්‍රියාකිරීමට උපදෙස් දෙමින් මෙම කරුණු අනාවරණය කරන බවද ඔහු පැවසීය.
වසංගත අධ්‍යයනය පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය පෝල් හන්ටර් මහතා පැවසුවේ, වයිරසය මාස 12ක් පවතින බව දැනගතහොත් මහජනතාව කැළඹීමකට සහ තුළ සැලකිය යුතු කනස්සල්ලකට පත්වනු ඇති බවය.
‘වයිරසය අවුරුද්දක් තියෙයි කියන්නෙ, හිතාගන්නවත් බැරි කාලයක්. ඒත් එය හරියට ම පිළිගෙන හෝ හඳුනාගෙන නැහැ’ යැයිද ඔහු පැවසීය.
ඩේලිමේල් අන්‍රග්‍රහයෙනි
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා වයිරසය තවත් වසරක් බ්‍රිතාන්‍යයේ