(ඩයනා උදයංගනී)
කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් අද දිනයේදී ලබාදුන් නිවාඩුව ඉදිරියට දීර්ඝ කරන්නේ නැතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා පැවසීය.
පවතින තත්ත්වය නිරීක්ෂණය කර ඉදිරියේදී නිවාඩු දීමේ අවශ්‍යතාවක් මතුවුවහොත් යළි තීරණයක් ගන්නා බවද ලේකම්වරයා කීවේය.
ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් මේ ඔක්කෝටම පිස්සු තදවෙලා වගේ... නේද?
ලංකාවත් නා ගන්න යන්නේ වගේ...
එක් දිනක් නිවාඩු දී, එම දිනය ඇතුලත කොරෝනා වයිරසය මර්ධනය කිරීමෙන් ශ්‍රී ලංකාව ගිනස් වාර්තාවක් තබයි...
දිනෙන් දින වැඩිවන අාසාධිතයින් ගණන අනුව පැහැදිලිවම රට්ටුන් තුළ බියක් හා අනාරක්ෂිත බවක් නිර්මාණය වීම දැන් සිදුවී හමාරයි.. අනිල් ජාසිංහ මහතා සහ පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරි මහතා පවසන කරුණුත් පරස්පරයි වගේ...
නිවාඩු දුන්නා නම් හොඳයි වගේ නේද දැන් තත්වය අනුව...?
කී දෙනෙක් මැරෙනකන්ද ඉන්නේ...? රටම නිරෝධායනය කරන්න.